Home » ගාලු කොටුවේ සංචා­රක පොලී­සි­යට කුඩ­ම්මාගේ සැල­කිලි

ගාලු කොටුවේ සංචා­රක පොලී­සි­යට කුඩ­ම්මාගේ සැල­කිලි

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ - නන්ද­සිරි වැලි­ග­මගේ

යුනෙස්කෝ ලෝක උරු­ම­යක් වන ඓති­හා­සික ගාලු කොටුවේ සංචා­ර­ක­යන් සඳහා පිහි­ටුවා ඇති සංචා­රක පොලී­සියේ ගැටලු රාශි­යක් පව­තින බව ජන­තාව පව­සති.

කන්ටේ­නර් පෙට්ටි­යක් තුළ පව­ත්වා­ගෙන යන ගාලු කොටුව සංචා­රක පොලී­සිය පිහි­ටුවා ඇත්තේ ප්‍රසිද්ධ වැසි­කිළි පද්ධති දෙකක් අතර ප්‍රදේ­ශ­ය­කය. මින් එක් වැසි­කිළි පද්ධ­ති­යක අසූචි මිශ්‍ර ජලය උතුරා යෑම හේතු­වෙන් සේවා ලබා ගැනී­මට පැමි­ණෙන විදේ­ශි­ක­යන් මෙන්ම පොලිස් නිල­ධා­රින් දුෂ්ක­ර­තා­වන්ට පත්ව ඇත. කන්ටේ­නර් පෙට්ටි­යක් තුළ පිහි­ටුවා ඇති මෙම ඒක­කයේ තිබූ වායු සමී­ක­රණ යන්ත්‍රය ද කලක සිට අක්‍රිය වී තිබේ.

දහ­වල් කාලයේ දැඩි උණු­සුම හේතු­වෙන් මෙම කන්ටේ­න­රය තුළ රාජ­කාරි කරන නිල­ධා­රින්ට රැඳී සිටීම අප­හසු බවත්, සේවා ලබා ගැනී­මට පැමි­ණෙ­න්නන් ද දුෂ්ක­ර­තා­වන්ට පත්වන බව ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත් සංචා­රක පොලී­සිය සඳහා ස්ථාන­යක් ගාල්ල කොටුව තුළ වෙන්කර තිබු­ණත් බල­ධා­රින් එය තව­මත් ලබා නොදෙන්නේ මන්දැයි ජන­තාව ප්‍රශ්න කරති. ඔවුන් වැඩි­දු­ර­ටත් කියා සිටින්නේ, මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර, සංචා­රක පොලී­සිය විධි­මත් ස්ථාන­යක පිහි­ටුවා ගාල්ල කොටු­වට පැමි­ණෙන විදෙස් සංචා­ර­ක­යන්ගේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT