උතුරු මැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ උපදෙස් හා අනුමැතිය අනුව උතුරු මැද පළාතේ අලි මිනිස් ගැටලුව විසඳීම පිළිබඳ යෝජනා ක්‍රියාත්මක කිරීම 2024 විශේෂ සංවර්ධන ව්‍යාපෘති නව වැඩසටහන යටතේ මූලික කටයුත්තක් සේ සලකා, උතුරු මැද පළාතේ අලි වැට ආරක්ෂා කිරීම සඳහා රුපියල් ලක්ෂ 388ක් වැය කර විධිමත් පරිදි මුරකුටි 97ක් ඉදි කිරීමට කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස අනුරාධපුරයට මුර කුටි හයක්, පොලොන්නරුවට මුරකුටි තුනක් ලෙස උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක් තුළ මුර කුටි 97ක් ඉදි කිරීම සඳහා දිස්ත්‍රික්ක දෙකට වෙන වෙනම ප්‍රතිපාදන අනුමත කර ඇත. අනුමත කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ තුන්සිය අසූඅටකි.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුල් වටයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වන තලාවට මුරකුටි දහයක් සඳහා රුපියල් ලක්ෂ 40ක්, තඹුත්තේගමට මුරකුටි දොළහක් සඳහා රුපියල් ලක්ෂ 48ක්, මුරකුටි 13ක් සඳහා නොච්චියාගමට රුපියල් ලක්ෂ 52ක්, තිරප්පනයට මුරකුටි දහයකට රුපියල් ලක්ෂ 40ක්, ඉපලෝගමට මුරකුටි දහයකට රුපියල් ලක්ෂ 40ක් සහ මහවිලච්චියට මුරකුටි දොළහක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 48ක් ලෙස එම ඉදිකිරීම් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපියල් දෙකෝටි හැටඅට ලක්ෂයක් අනුමත කර තිබේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මුල් වටයට අයත් වන ඇළහැර, හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන සඳහා මුරකුටි දහය බැගින් ඉදි කිරීමට රුපියල් ලක්ෂ 40 බැගින් පොලොන්නරුව දිස්ත්‍රික්කයට රුපියල් එක්කෝටි විසිලක්ෂයක් අනුමත කර ඇත. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනුමත ප්‍රතිපාදන සීමා ඉක්මවා වියදම් නොකරන ලෙසටත් අදාළ කාර්යයන් සඳහා පමණක් වියදම් කිරීමටත් 2024 දෙසැම්බර් 31 වැනි දිනට පෙර සියලුම ඉදිකිරීම් කටයුතු නිම කළ යුතු බවට ප්‍රාදේශීය ලේකම්වරුන්ට දන්වා ඇත. ඊට අමතරව මුරකුටි ඉදි කිරීමේදී වහලය සහ ඉණිමග ඉදි කිරීම ප්‍රජා දායකත්වය යටතේ සිදු කළ යුතු බවට ද අවධාරණයෙන් දැනුම් දී තිබේ.