Home » උතුරු මැද අලි වැටේ ආර­ක්ෂා­වට රුපි­යල් ලක්ෂ 388ක්

උතුරු මැද අලි වැටේ ආර­ක්ෂා­වට රුපි­යල් ලක්ෂ 388ක්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

ලංකා­පුර සමූහ එච්.එල්. ද සොයිසා

උතුරු මැද ආණ්ඩු­කාර වසන්ත ජින­දාස මහ­තාගේ උප­දෙස් හා අනු­මැ­තිය අනුව උතුරු මැද පළාතේ අලි මිනිස් ගැට­ලුව විස­ඳීම පිළි­බඳ යෝජනා ක්‍රියා­ත්මක කිරීම 2024 විශේෂ සංව­ර්ධන ව්‍යාපෘති නව වැඩ­ස­ට­හන යටතේ මූලික කට­යු­ත්තක් සේ සලකා, උතුරු මැද පළාතේ අලි වැට ආරක්ෂා කිරීම සඳහා රුපි­යල් ලක්ෂ 388ක් වැය කර විධි­මත් පරිදි මුර­කුටි 97ක් ඉදි කිරී­මට කට­යුතු කර තිබේ. මෙම ව්‍යාපෘ­තිය යටතේ පළමු අදි­යර ලෙස අනු­රා­ධ­පු­ර­යට මුර කුටි හයක්, පොලො­න්න­රු­වට මුර­කුටි තුනක් ලෙස උතුරු මැද පළාතේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස නව­යක් තුළ මුර කුටි 97ක් ඉදි කිරීම සඳහා දිස්ත්‍රික්ක දෙකට වෙන වෙනම ප්‍රති­පා­දන අනු­මත කර ඇත. අනු­මත කර ඇති මුළු මුදල රුපි­යල් ලක්ෂ තුන්සිය අසූ­අ­ටකි.

ඒ අනුව අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ මුල් වට­යට අයත් ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස වන තලා­වට මුර­කුටි දහ­යක් සඳහා රුපි­යල් ලක්ෂ 40ක්, තඹු­ත්තේ­ග­මට මුර­කුටි දොළ­හක් සඳහා රුපි­යල් ලක්ෂ 48ක්, මුර­කුටි 13ක් සඳහා නොච්චි­යා­ග­මට රුපි­යල් ලක්ෂ 52ක්, තිර­ප්ප­න­යට මුර­කුටි දහ­ය­කට රුපි­යල් ලක්ෂ 40ක්, ඉප­ලෝ­ග­මට මුර­කුටි දහ­ය­කට රුපි­යල් ලක්ෂ 40ක් සහ මහ­වි­ල­ච්චි­යට මුර­කුටි දොළ­හක් වෙනු­වෙන් රුපි­යල් ලක්ෂ 48ක් ලෙස එම ඉදි­කි­රීම් සඳහා අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යට රුපි­යල් දෙකෝටි හැට­අට ලක්ෂ­යක් අනු­මත කර තිබේ. පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ මුල් වට­යට අයත් වන ඇළ­හැර, හිඟු­ර­ක්ගොඩ සහ මැදි­රි­ගි­රිය යන ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස තුන සඳහා මුර­කුටි දහය බැගින් ඉදි කිරී­මට රුපි­යල් ලක්ෂ 40 බැගින් පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්ක­යට රුපි­යල් එක්කෝටි විසි­ල­ක්ෂ­යක් අනු­මත කර ඇත. මෙම ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මේදී අනු­මත ප්‍රති­පා­දන සීමා ඉක්මවා විය­දම් නොක­රන ලෙස­ටත් අදාළ කාර්ය­යන් සඳහා පම­ණක් විය­දම් කිරී­ම­ටත් 2024 දෙසැ­ම්බර් 31 වැනි දිනට පෙර සිය­ලුම ඉදි­කි­රීම් කට­යුතු නිම කළ යුතු බවට ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන්ට දන්වා ඇත. ඊට අම­ත­රව මුර­කුටි ඉදි කිරී­මේදී වහ­ලය සහ ඉණි­මග ඉදි කිරීම ප්‍රජා දාය­ක­ත්වය යටතේ සිදු කළ යුතු බවට ද අව­ධා­ර­ණ­යෙන් දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT