Home » අම­ර­නන්ද අනු­නා­හි­මිගේ ජන්ම දින­යට පින්කම් මාලා­වක්

අම­ර­නන්ද අනු­නා­හි­මිගේ ජන්ම දින­යට පින්කම් මාලා­වක්

by Gayan Abeykoon
November 28, 2024 1:02 am 0 comment

අහු­න්ගල්ල සමූහ - අනුර යස­මිත්

අම­ර­පුර චූල­ගණ්ඨි මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනු­නා­යක, අහු­න්ගල්ල මර­දාන ශ්‍රී පුලි­න­ත­ලා­රාම විහා­රා­ධි­පති වැලි­තර අම­ර­නන්ද අනු­නා­හි­මි­යන්ගේ 66 වැනි ජන්ම දිනය නිමි­ත්තෙන් පින්කම් මාලා­වක් එම විහා­ර­ස්ථා­නයේ දී පෙරේදා (26) පැවැ­ත්විණි. එහිදී සංඝයා වහ­න්සේලා හැත්තෑ නමක් විෂ­යෙහි සංඝ­ගත දක්ෂි­ණා­වක් ද සිදු කෙරිණි.

හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ හිටපු ආර­ක්ෂක ලේකම් කමල් ගුණ­රත්න මහතා ඇතුළු පිරි­සක් සහ­භාගි වූ අතර, ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ද දන් පිළි­ගැ­න්වීය. ධර්ම පූජාව වශ­යෙන් සිය­ලුම භික්ෂූන් වහ­න්සේ­ලාට රෙදි සෝදන යන්ත්‍රය බැගින් පූජා කිරීම ද මෙහිදී සිදු විය. හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දන් පිළි­ගැන්වූ අයුරු සහ අම­ර­පුර සිරි සද්ධ­ම්ම­වංස මහා නිකායේ ප්‍රධාන සංඝ­නා­යක කොස්ගොඩ ඤාණි­ස්සර නාහි­මි­යන් වෙත වැලි­තර අම­ර­නන්ද අනු­නා­හි­මි­යන් රෙදි සෝදන යන්ත්‍රය ප්‍රදා­නය කළ අයුරු මෙහි දැක්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT