තමාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදලක් අන්තර්ජාලය හරහා සොරකම් කර ඇති බවට විහාරාධිපති හිමිනමක් ගාල්ල පොලීසියට පැමිණිලි කර තිබේ. පැමිණිලිකාර විහාරාධිපති හිමියන් ගුරුවරයෙකු ලෙස සේවය කර මෙම වසරේ ජනවාරි මාසයේ විශ්‍රාම ගොස් ඇති අතර උන්වහන්සේගේ වැටුප එම ප්රදේශයේ බැංකුවක ගිණුම්ගත කර ඇත. විශ්‍රාම යාමෙන් පසු ලැබුණ පාරිතෝෂික මුදල්ද සමඟ ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදල එම බැංකුවේම වෙනත් ශාඛාවකට මාරු කර ඇත. පසුව ගිණුමේ තිබූ මුදල් අන්තර්ජාලය හරහා සොරකම් කර ඇති බව දැනගැනීමෙන් පසු විහාරාධිපති හිමියන් පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය පැවසුවේ අධිකරණයට කරුණු වාර්තාකර බැංකු වාර්තා ලබාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතුකරන බවයි.