Saturday, April 19, 2025
Home » ඒරු­පො­තාන වැවට ඇද­වැ­ටී­මෙන් තරු­ණ­යෙක් අතු­රු­දන්

ඒරු­පො­තාන වැවට ඇද­වැ­ටී­මෙන් තරු­ණ­යෙක් අතු­රු­දන්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

වවු­නි­යාව උතුර සමූහ - බන්දුල සෙනෙ­වි­රත්න

වවු­නි­යාව මහ­ක­ච්ච­කො­ඩිය ගම්මා­නයේ ඒරු­පො­තාන වැවේ උතුරා ගලා යන වාන් ජල­යට ඇද­වැ­ටී­මෙන් 25 හැවි­රිදි තරු­ණ­යෙකු පෙරේදා (26) සවස අතු­රු­දන්ව තිබේ.

මිතු­රෙකු සමඟ දිය නෑමට ගොස් තිබි­යදී දෙගො­ඩ­තලා උතුරා ගලා යන වාන් ජල­යට වැටී­මෙන් මෙසේ අතු­රු­දන්ව ඇත්තේ මහ­ක­ච්ච­කො­ඩිය ගම්මා­නයේ පදිංචි ගුණ­ව­ර්ධ­නගේ චිරන්ත ගුණ­ව­ර්ධන නමැති අවි­වා­හක පුද්ග­ල­යෙකි. තවත් මිතු­රෙකු සමඟ සවස 6.00ට පමණ දිය නාමින් සිටි­යදී මෙම අන­තුර සිදුව ඇතැයි පව­සන ගම්වැ­සි­යන් දියේ ගිලෙ­මින් වාන් ජලයේ තරු­ණයා ගසා­ගෙන ගිය බව දිය නෑමට ගිය අනෙක් තරු­ණයා පවසා ඇතැ­යිද පවසා ඇත.

ඊයේ (27) උදෑ­සන වන තෙක්ම මේ සම්බ­න්ධ­යෙන් කිසිදු තොර­තු­රක් සොයා­ගැ­නී­මට නොහැ­කිව තිබිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT