20
ගල්කිස්සේ වෙරළ තීරයේ, දිය නාමින් සිටියදී දියවැලකට අසුව දියඹට ගසාගෙන යමින් සිටි ජර්මන් ජාතිකයෙකු පෙරේදා (26) බේරා ගත් බව පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසය පවසයි. මෙලෙස දිවි බේරා ගෙන ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකුගේය. ගල්කිස්ස හෝටලයක් ඉදිරිපිට වෙරළ තීරයේ කොටසක දිය නෑම අවදානම් බවට රතු පාටින් හුරු කොඩි යොදා තිබියදී එය නොතකා දියඹට බැස නාමින් සිටියදී එම පුද්ගලයා දියඹට ගසාගෙන ගොස් තිබිණි. එය දුටු පොලිස් ජීවිත ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් වහා ක්රියාත්මක වී එම පුද්ගලයා බේරාගෙන මූලික ප්රතිකාර ලබාදීමට පියවර ගෙන ඇත.