Home » ගල්කිස්ස මුහුදේ දිය­වැ­ල­කට හසුව ගසා­ගෙන ගිය ජර්මන් ජාති­ක­යකු බේරා­ගනී

ගල්කිස්ස මුහුදේ දිය­වැ­ල­කට හසුව ගසා­ගෙන ගිය ජර්මන් ජාති­ක­යකු බේරා­ගනී

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

ගල්කිස්සේ වෙරළ තීරයේ, දිය නාමින් සිටි­යදී දිය­වැ­ල­කට අසුව දිය­ඹට ගසා­ගෙන යමින් සිටි ජර්මන් ජාති­ක­යෙකු පෙරේදා (26) බේරා ගත් බව පොලිස් ජීවිත ආර­ක්ෂක කොට්ඨා­සය පව­සයි.  මෙලෙස දිවි බේරා ගෙන ඇත්තේ 56 හැවි­රිදි පුද්ග­ල­යෙ­කු­ගේය. ගල්කිස්ස හෝට­ල­යක් ඉදි­රි­පිට වෙරළ තීරයේ කොට­සක දිය නෑම අව­දා­නම් බවට රතු පාටින් හුරු කොඩි යොදා තිබි­යදී එය නොතකා දිය­ඹට බැස නාමින් සිටි­යදී එම පුද්ග­ලයා දිය­ඹට ගසා­ගෙන ගොස් තිබිණි.  එය දුටු පොලිස් ජීවිත ආර­ක්ෂක රාජ­කා­රියේ යෙදී සිටි නිල­ධා­රීන් විසින් වහා ක්‍රියා­ත්මක වී එම පුද්ග­ලයා බේරා­ගෙන මූලික ප්‍රති­කාර ලබා­දී­මට පිය­වර ගෙන ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT