Home » ලස්සන ජීවිත ගොඩනැගීමට ජාතික ඒකාබද්ධතාවයට ප්‍රමුඛත්වයක්

ලස්සන ජීවිත ගොඩනැගීමට ජාතික ඒකාබද්ධතාවයට ප්‍රමුඛත්වයක්

by chanaka
November 28, 2024 3:54 pm 0 comment

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම සදහා ජාතික ඒකාබද්ධතාවයට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මොහොමඩ් මුනීර් මහතා පවසයි.

ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මොහොමඩ් මුනීර් මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද (28) පෙරවරුවේ සිදු විය.

රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

ජාතීන් අතර සමගිය, සංහිදියාව ඇති කිරීමේ භාර දූර කාර්යය සාර්ථකව ඉටු කිරීම සදහා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීම පිළිබදව ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. වත්මන් රජයට ලැබුණු ජනවරම තුළම සියලු දෙනා ශ්‍රී ලාංකීකයින් යන හැගීම ඇති වුණා. ජාතීන් වශයෙන් බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකීකයින් යන්න අරමුණු කර ගනිමින් එක්ව වැඩ කිරීමෙන් රටක් ලෙස ඉදිරියට යා හැකියි. ජාතික සමගියට ආගමික සුහදත්වය හානි නොවන පරිදි කටයුතු කිරීම වගකීමක් ලෙස සැලකිය යුතුයි. ශ්‍රී ලාංකික යන හැගීම පසුගිය කාලය තුළ ජනතාවගෙන් ඈත්ව තිබුණා. අතීතයේ සිදු වු දේ පිළිබද සත්‍ය සෙවීමේ වගකීම අපිට තිබෙනවා. සත්‍ය සෙවීම ඔස්සේ යුක්තිය ඉටු කළ යුතුයි. ජාතික සමගිය සංහිදියාව ගොඩ නගන්න එක්ව කටයුතු කළ යුතුයි. ජාතීන් අතර සමගිය ඇති කිරීමේ කාර්යයේදී මාධ්‍ය වෙත විශාල වගකීමක් පවතින බවත්, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමට ජාතික ඒකාබද්ධතාවය අතිශයින් වැදගත් බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සර්ව ආගමික නායකයින් ආශිර්වාදයන් එක් කළ අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ, හර්ෂණ නනායක්කාර, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් මාපලගම‍ , අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ජාතික ඒකාබද්ධතා) යූ. කුගනාතන් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT