Home » අයහපත් කාලගුණය නිසා සුව සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ කල් දමයි

අයහපත් කාලගුණය නිසා සුව සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ කල් දමයි

by yasara
November 28, 2024 4:36 pm 0 comment

දිවයින පුරා පවතින අයහපත් කාළගුණය හේතුවෙන් පරිපූරක වෛද්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයක් කල් දැමීමට තීරණය කර තිබෙයි.

මේ අනුව 2024.11.30 සහ 2024.12.01 දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පරිපූරක වෛද්‍ය සේවයේ II ‍ශ්‍රේණිය / II ‘අ’ කාණ්ඩයේ නිලධාරීන් සඳහා වන දෙපාර්තමේන්තු පරීක්ෂණය හා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය මෙලෙස කල් දමා ඇත.

දිවයින පුරා පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් එම දිනයන්හි දී නොපැවැත්වෙන බවද, එය 2024.12.07 සහ 08 දෙදින පැවැත්වෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) III ජී.ඩබ්.සී.සුමේධා ප්‍රියභාෂිණී මහත්මිය දැනුම්දෙනු ලබයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT