Wednesday, April 23, 2025
Home » වැස්සත් සමඟ සේනා දළඹු බියක්

වැස්සත් සමඟ සේනා දළඹු බියක්

by chanaka
November 28, 2024 3:35 pm 0 comment

සේනා දළඹු රෝගය ව්‍යාප්ත වීමට පෙර තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කර මෙම දළඹු රෝගය මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා ගන්නැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ගොවීන්ට දැනුම් දීමක් කර ඇත.

රජරට පළාතට මේ දින වල පවතින වැසි සහිත කාළගුණ තත්ත්වයත් සමග සේනා දළඹු උවදුර උස්සන්න වීමේ අවදානමක් ඇති බව උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පෙන්වා දෙයි.

මේ වන විට වැඩි වශයෙන් මෙම සේනා දළඹූ උවදුර නිසා පීඩාවට පත් ගොවීන් සහ වගාවන් අනුරාධපුර ඇලැයාපත්තුව ප්‍රදේශයේ දක්නට ඇත.

කෘෂිකර් අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා කියා සිටියේ මෙම දළඹු රෝගය ව්‍යාප්ත වීමට පෙර තම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා දැනුවත් කර මෙම දළඹු රෝගය මැඩ පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා ගන්නා ලෙසයි.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT