Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගැයීම් සම්මානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගැයීම් සම්මානයක්

by yasara
November 28, 2024 3:31 pm 0 comment

තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති සංචාරක ඇගැයීම් උළෙලේදී ,ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , ” විශිෂ්ටතම ගුවන් සේවා හවුල්කරු ” සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබේ .

මෙම සංචාරක උළෙල ඉකුත් 19 වැනිදා  තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි හී දී පවත්වා තිබූ අතර ප්‍රාන්තයේ සංචාරක කරමාන්තයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය දක්වන කැපී පෙනෙන දායකත්වය මෙහිදී ඇගැයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනැමීමට පියවර ගෙන තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාප්පු සවාරි , වන්දනා චාරිකා සහ වෛද්‍ය ප්‍රතිකාර සදහා තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි , තිරුචිරප්පල්ලි සහ මධුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 35 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරමින් සිටිති .

මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ නවදිල්ලි , මුම්බායි , හයිද්‍රාබාද් , බැංගලෝර් , කොචින් සහ තිරුවනන්තපුරම් යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ද සතියකට ගුවන් ගමන් වාර 90 ක් ක්‍රියාත්මක කරමින් සිටිති .

මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී “දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර  ගුවන් සේවයට ” හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් වී තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT