Wednesday, April 23, 2025
Home » ගංවතුරට ගිය ජීවිත

ගංවතුරට ගිය ජීවිත

by chanaka
November 28, 2024 12:31 pm 0 comment

අධික වර්ෂාවත් සමග සිදුව ඇති ජල ගැලීම් හා පස්කදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ තිස්දහස් අටසිය අනූහතරදෙනෙකු එහි බලපෑමට ලක්ව සිටි.

මේ වන විට ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 7 දෙනෙකු අතුරුදන් ව ඇති බව වාර්තා වේ.

මේ අතර තාක්ෂණය මත යැපීමකින් තොරව ආපදා ස්ථානයට ගොස් තොරතුරු ලබා ගනිමින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රායෝගිකව ක්‍රියාකරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.

අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක විසිඑකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 175කට බලපෑම් එල්ල වී තිබේ.

නිවාස 82කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 1465කි.

පවුල් 8358කට අයත් පිරිස සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටි.

ඥාතී නිවාසවල පවුල් 17635කට අයත් පුද්ගලයන් 59979 දෙනෙකු සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර රාජාංගනය , තබ්බෝව , දැදුරු ඔය , පේරාරු , පොල්ගොල්ල , උල්හිටිය රත්කිද , පරාක්‍රම සමුද්‍රය,ලක්ෂපාන,පොල්පිටිය , අංගමුව යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

අධික වර්ෂාවත් සමග වවුනියාව ප්‍රදේශයේ වැව් 30ක් කැඩී ගොස් ඇත.

විපතට පත්වුවන් ගලවා ගැනීම හා සහන සේවා කටයුතු සඳහා රටපුරා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සේවයේ යොදවා තිබේ.

කඩිනම් සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඒ අනුව සහන සේවා කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT