24
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.
ඒ අනුව ඊයේ (27) රාත්‍රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය. මේ අතර මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පොලොන්නරුව දුම්රිය ස්ථානයට සීමා කර ඇති අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ද දහවල් කාලයේ දී නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.