Home » වෙළෙ­ඳ­පො­ළට යැවූ කුර­ක්කන් කූනි­ස්සන් තොග­යක් අල්ලයි
කල් ඉකුත් වන දින වෙනස් කර

වෙළෙ­ඳ­පො­ළට යැවූ කුර­ක්කන් කූනි­ස්සන් තොග­යක් අල්ලයි

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ඇසු­රුමේ සඳ­හන් කල් ඉ­කුත් වූ දිනය හා නිෂ්පා­දන දිනය වෙනස් කර­මින් වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට සූදා­නම් කළ ඉන්දි­යා­වෙන් ආන­ය­නය කළ කුර­ක්කන් ටොන් 22ක් සහ කූනි­ස්සන් කිලෝ­ග්‍රෑම් 975ක් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ නිල­ධා­රීන් විසින් පෙරේදා (26) කොළඹ, කොට­හේන ප්‍රදේ­ශයේ ගබඩා පරීක්ෂා කර සිය භාර­යට ගෙන තිබේ.

කුර­ක්කන් කිලෝ­ග්‍රෑම් 30 බැගින් වූ ඇසු­රුම් 740ක, නිෂ්පා­දිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12ක් ඇතු­ළත භාවිත කළ යුතු බවට ඉන්දීය නිෂ්පා­ද­කයා විසින් සඳ­හන් කොට තිබුණ ද ශ්‍රී ලාංකික ආන­ය­න­කරු විසින් ඇසු­රුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත් වන වර්ෂය, මාස 24ක් ඉදි­රි­යට යොද­මින්, 2026 ජූලි ලෙස ස්ටික­ර­යක් මඟින් වෙනස් කර වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට කට­යුතු යොදා තිබිණි.

කූනි­ස්සන් කිලෝ­ග්‍රෑම් 5 බැගින් වූ ඇසු­රුම් 195ක නිෂ්පා­දිත වර්ෂය හා මාසය 2024 ජූලි ලෙස හා කල් ඉකුත් වන වර්ෂය හා මාසය 2024 දෙසැ­ම්බර් ලෙස සඳ­හන් කර තිබුණ ද ඒ මත, නිෂ්පා­දිත වර්ෂය හා මාසය 2024 ඔක්තෝ­බර් සහ කල් ඉකු­ත්වීමේ දිනය 2025 සැප්තැ­ම්බර් ලෙස ස්ටික­ර­යක් මඟින් වෙනස් කර වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරී­මට කට­යුතු යොදා තිබිණි.

මෙම කරුණු අධි­ක­ර­ණ­යට වාර්තා කර අදාළ ව්‍යාපා­රි­ක­යාට විරු­ද්ධව නීති­මය කට­යුතු සිදු කිරී­මට කට­යුතු යොදා ඇත. ඉදිරි උත්සව සමය තුළ මෙවැනි භාණ්ඩ වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරීම වැළැ­ක්වී­මට දිව­යින පුරා විම­ර්ශන සහ වැට­ලීම් සිදු කරන ලෙස පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ සභා­පති හේමන්ත සම­ර­කෝන් මහතා නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇත.

එළ­ඹෙන උත්සව සමය තුළ තොර­තුරු වෙනස් කරන ලද ආහාර ඇතුළු භාණ්ඩ වෙළෙ­ඳ­පො­ළට නිකුත් කිරීම වැළැ­ක්වීම සඳහා මෙම  විශේෂ වැට­ලීම් ක්‍රියා­ත්මක වන අතර එහිදී තොග ගබඩා සම්බ­න්ධව වැඩි අව­ධා­න­යක් යොමු කරනු ලබන බව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT