Home » 2023-2024 ඒඩ්ස් ආසා­දි­ත­යන්ගේ වැඩිවීමක්

2023-2024 ඒඩ්ස් ආසා­දි­ත­යන්ගේ වැඩිවීමක්

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

මෙර­ටින් එච්.අයි.වී. ආසා­දි­ත­යන්ගේ වාර්තා වීම පසු­ගිය වස­ර­ව­ලට සාපේ­ක්ෂව 2023 හා 2024 යන වර්ෂ දෙක තුළදී ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගා­ශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා විශේ­ෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමා­ර­පේලි මහ­ත්මිය පැව­සු­වාය. වර්ෂ 2021 හා 2022 තුළදී එච්.අයි.වී. නව ආසා­දි­ත­යන් මෙර­ටින් වාර්තා වූයේ 200ක් – 300ක් වැනි පිරි­සක් බවත් පසු­ගිය වර්ෂ­යේදී එම සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහ­ත්මිය ප්‍රකාශ කළාය.

පිරිමි පුද්ග­ල­යන් අතර මෙම වයි­ර­සය ශරී­ර­ගත වීම ඉහළ බවත් පිරිමි පුද්ග­ල­යන් 7කට වයි­ර­සය ආසා­ද­නය වී ඇති විට කාන්තා­වන් එක් අය­කුට වයි­ර­සය ශරී­ර­ග­තව ඇති බවට වාර්තා වී ඇති අතර ඒ අනුව වයි­ර­සය ශරී­ර­ගත වීම කාන්තා පිරිමි අනු­පා­තය 7:1 බවත් ඇය පැව­සු­වාය. සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහ­ත්මිය මේ බව ඊයේ (27) පැව­සු­වාය. දෙසැ­ම්බර් 01 වැනි­දාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනය නිමි­ත්තෙන් මෙම මාධ්‍ය හමුව පැවැති අතර “අයි­තීන් සුර­කිමු – ඒඩ්ස් නව­තමු“ තේමාව මෙවර යොදා ඇත.

එච්.අයි.වී. සමඟ ජීවත් වන්නන් 3500ක් පමණ රෝහල් පද්ධ­තිය තුළින් ප්‍රති­කාර ලබා ගැනී­මට ලියා­ප­දිං­චිව සිටින බවත් මෙම වයි­ර­සය පාල­නය සඳහා ප්‍රති­කාර තිබෙන නිසා කිසි­යම් අයකු සැක සහිත ලිංගික කට­යු­ත්තක නිරත වූයේ නම් රුධිර පරී­ක්ෂා­ව­කට ලක්ව වයි­ර­සය ශරී­ර­ග­තව ඇතැයි ද නැද්ද යන්න තහ­වුරු කර­ගත යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම වයි­ර­සය ශරී­ර­ගත වූවන් අත­රින් සිය­යට 88ක් පිරිමි පුද්ග­ල­යන් වන අතර පිරිමි – පිරිමි අතර සිදු වන ලිංගික කට­යුතු මෙම ඉහළ යෑමට හේතු වී ඇතැයි ද ඒ මහ­ත්මිය පැව­සු­වාය.

වස­ර­කට රුධිර සාම්පල මිලි­ය­න­ය­කට වඩා පරී­ක්ෂා­වට ලක් කරන අතර ඉන් සාම්පල් ලක්ෂ හත­රක් පමණ එච්.අයි.වී. පරී­ක්ෂා­වට ලක් කරන බවත් පසු­ගිය වසරේ සිදු කළ එවැනි පරී­ක්ෂ­ණ­ව­ලින් එච්.අයි.වී. ආසා­දිත සාම්පල වාර්තා වූයේ 56ක් පම­ණක් බවත් ඇය කියා සිටි­යාය.

රට පුරා ලිංගා­ශ්‍රිත සායන 40ක් ප්‍රධාන රෝහල් ආශ්‍රි­තව ඇති බවත් ඉන් 32කම විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් සිටින අතර රට තුළ සියලු දිස්ත්‍රික්ක ආව­ර­ණය වන පරිදි සායන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT