මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටියදී බේරාගත් ශ්‍රී ලාංකිකයන් 32 දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධීකරණය කිරීමට නියමිත බව ද ඒ අනුව ඉදිරියේදී මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. මෙලෙස මුදාගත් ශ්‍රී ලාංකිකයන් පිරිස මේ වන විට තායිලන්තයට රැගෙන ගොස් තිබෙන අතර එතැන් සිට මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ද මුදාගත් ශ්‍රී ලාංකිකයන් අතර කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයන් 24ක් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙලෙස මුදාගත් ශ්‍රී ලාංකිකයන් සයිබර් අපරාධ මෙහෙයුම්වලට හසුවී මිනිස් ජාවාරමට ගොදුරුවී තිබෙන අතර ඔවුන් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරු විසින් සම්බන්ධීකරණය කර තිබේ