27
මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට මධ්‍ය ප්‍රදේශයේ ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙසුමක් පැවැත්වීමට සහභාගී විය. එම දේශනය පැවැත්වීමෙන් පසු ඒ මහතා එම උසස් අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ද සහභාගි විය. මේ සංචාරය සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වී සිටින අතර, එම සංචාරය නිමකර හිටපු ජනාධිපතිවරයා එළැඹෙන 30 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිතව තිබේ.