Monday, April 21, 2025
Home » ජපන් ජාත්‍ය­න්තර ලෝක ළමා චිත්‍ර තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන්ට රන් තිළිණ ප්‍රදා­නය ලබන මස 1දා කොග්ග­ලදී

ජපන් ජාත්‍ය­න්තර ලෝක ළමා චිත්‍ර තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන්ට රන් තිළිණ ප්‍රදා­නය ලබන මස 1දා කොග්ග­ලදී

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නා­යක

ජපන් ජාත්‍ය­න්තර ලෝක ළමා චිත්‍ර තර­ගා­ව­ලි­යෙන් සුවි­ශේෂී ජය­ග්‍ර­හණ ගෙන ජගත් තලය විජ­ය­ග්‍ර­හ­ණය කළ ශ්‍රී ලාංකික දූ පුතුන් සිය­දෙ­න­කුට රන් තිළිණ පිරි­නැ­මීමේ උප­හාර උලෙළ දෙසැ­ම්බර් මස 01 වැනිදා පෙර­වරු 10.00ට කොග්ගල සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැත්වේ.

රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය, විශේ­ෂඥ වෛද්‍ය (ළමා) සුජීව අම­ර­සේන, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගමේ (ලේක්හ­වුස්) සභා­පති ගාමිණී වරු­ෂ­මාන, ගාල්ල රිච්මන්ඩ් විද්‍යා­ලයේ හිටපු විදු­හ­ල්පති ඩබ්.එන්.ආර්.පී. ඩැනි­යස් සහ ගාල්ල කරා­පි­ටිය රුහුණු රෝහලේ අධ්‍යක්ෂ ගාල්ල දිස්ත්‍රික් වෙළෙඳ හා වාණිජ මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ රවී කලං­සූ­රිය මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් මෙය පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇති අතර ගාල්ල, උණ­ව­ටුන ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා කේන්ද්‍ර­යෙන් මෙය සංවි­ධාන කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT