ජපන් ජාත්‍යන්තර ලෝක ළමා චිත්‍ර තරගාවලියෙන් සුවිශේෂී ජයග්‍රහණ ගෙන ජගත් තලය විජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික දූ පුතුන් සියදෙනකුට රන් තිළිණ පිරිනැමීමේ උපහාර උලෙළ දෙසැම්බර් මස 01 වැනිදා පෙරවරු 10.00ට කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය (ළමා) සුජීව අමරසේන, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ගාමිණී වරුෂමාන, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු විදුහල්පති ඩබ්.එන්.ආර්.පී. ඩැනියස් සහ ගාල්ල කරාපිටිය රුහුණු රෝහලේ අධ්‍යක්ෂ ගාල්ල දිස්ත්‍රික් වෙළෙඳ හා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ රවී කලංසූරිය මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ගාල්ල, උණවටුන ශ්‍රී ලංකා ළමා චිත්‍ර කලා කේන්ද්‍රයෙන් මෙය සංවිධාන කර ඇත.