Home » කැල­ණිය සර­ස­වියේ ‘AHEAD’ ශිෂ්‍ය සංග­ම­යෙන් පැවැත්වූ ‘HR IMPELZ – 24’ ක්‍රීඩා දින­යෙන්

කැල­ණිය සර­ස­වියේ ‘AHEAD’ ශිෂ්‍ය සංග­ම­යෙන් පැවැත්වූ ‘HR IMPELZ – 24’ ක්‍රීඩා දින­යෙන්

by Gayan Abeykoon
November 28, 2024 1:02 am 0 comment

තක්ෂිලා උද­යං­ගනී

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය මානව සම්පත් කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශයේ ‘AHEAD’ ශිෂ්‍ය සංග­ම­යෙන් ‘HR Impelz -24’ නමින් සංවි­ධාන කළ ක්‍රීඩා දිනය, ඉකුත් 21 වැනි දින විශ්ව­වි­ද්‍යා­ල­යීය සයි­බර් ක්‍රීඩාං­ග­ණ­යේදී අති උත්ක­ර්ෂ­වත් අයු­රින් පැවැ­ත්විණි. එහි ප්‍රධාන ආරා­ධිත අමු­ත්තන් ලෙස වාණිජ හා කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පීඨයේ පීඨා­ධි­පති මහා­චාර්ය බණ්ඩාර වන්නි­නා­යක, වාණිජ හා කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උප­දේ­ශක මහා­චාර්ය කමල් තිල­ක­සිරි, මානව සම්පත් කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශයේ අංශා­ධි­ප­තිනී සරෝජා වනි­ග­සේ­කර මහත්ම මහ­ත්මීන් ඇතුළු එම අධ්‍ය­යන අංශයේ කථි­කා­චාර්ය මණ්ඩ­ලය සහ­භාගී වූහ.

ක්‍රීඩාව තුළින් විද්‍යා­ර්ථීන්ගේ ශාරී­රික කුස­ලතා මෙන්ම නාය­කත්ව කුස­ලතා, කණ්ඩා­යම් ක්‍රියා­කා­ර­කම් ඉහළ නැංවීම, සාමූ­හික ක්‍රියා­කා­ර­ක­ම්වල නිරත වීම මෙන්ම ඔවුන්ගේ නිර්මා­ණා­ත්මක කුස­ලතා ඉහළ නැංවීමේ අර­මු­ණින් ‘HR Impelz’24’ ක්‍රීඩා දිනය සංවි­ධාන කර තිබුණි. මේ අධ්‍ය­යන අංශයේ ප්‍රථම වසර, දෙවන වසර, තෙවන වසර සහ සිව්වන වසර විද්‍යා­ර්ථීන් මේ වැඩ­ස­ට­හ­නට සහ­භාගී වූ අතර, ප්‍රධාන කණ්ඩා­යම් හත­රක් ඔස්සේ ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය විදහා දැක්වී­මට ඔවුන්ට අව­ස්ථාව හිමි­විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT