Tuesday, April 22, 2025
Home » ඉරාන ජාතිකයන් 07කට ජීවිතාන්තය දක්වා ලැබුණූ සිරදඬුවම

ඉරාන ජාතිකයන් 07කට ජීවිතාන්තය දක්වා ලැබුණූ සිරදඬුවම

by chanaka
November 28, 2024 3:44 pm 0 comment

2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරයි.

අදාළ චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2019 වසරේ ජූලි මස 12 වැනිදා කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කළ වැටලීමකට අනුව මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබීය.

මෙම නඩුව අද(28) විභාගයට ගත් අවස්ථාවේදී අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බව විත්තිකරුවන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී තිබුණි.

ඒ අනුව විත්තිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව විනිසුරුවරයා නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT