Monday, April 21, 2025
Home » සැක කට­යුතු ලක්ෂ 3 1/2ක් ලැබූ පුද්ග­ල­යා­ගෙන් ප්‍රකාශ ගන්න නියෝග

සැක කට­යුතු ලක්ෂ 3 1/2ක් ලැබූ පුද්ග­ල­යා­ගෙන් ප්‍රකාශ ගන්න නියෝග

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

දෙව්නි මහ­ග­මගේ

රුපි­යල් තුන් ලක්ෂ පන­ස්ද­හ­කට අධික මුද­ලක් සැක සහිත ලෙස බැංකු ගිණු­ම­කට බැර වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය මඟින් සැක­ක­රු­වකු බවට පත් කළ පුද්ග­ල­ය­කු­ගෙන් ප්‍රකාශ සට­හන් කර­ගන්නා ලෙස මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනී අබේ­වි­ක්‍රම වීර­සිංහ මහ­ත්මිය ඊයේ (27) මර­දාන පොලී­සි­යට නියෝග කළාය.

සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණය හමුවේ ප්‍රකාශ කර සිටියේ තම සේවා­දා­ය­කයා අන්ත­ර්ජා­ලයේ ඇති රැකියා දෙන දැන්වී­මක් දැක ඇති බවත්, එහි ඇති සබැ­ඳිය මඟින් එම දැන්වීමේ තම පෞද්ග­ලික විස්තර පිර­වී­මට ඇති වෙබ් අඩ­වි­ය­කට ගිය බවත්ය. ඉන් පසු තම සේවා­දා­ය­කයා විසින් තම බැංකු ගිණුම් වාර්තා සම්බ­න්ධ­යෙන් අසා ඇති තොර­තුරු එම වෙබ් අඩ­වි­යට සපයා ඇති බවත්, ඊට පසු දින ඔහුගේ බැංකු ගිණු­මට රුපි­යල් තුන් ලක්ෂ පනස් දාහක මුද­ලක් බැර වී ඇති බව දැක ඇති බවත් නීති­ඥ­ව­රයා වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණ­යට කරුණු ප්‍රකාශ කළේය. ඉන් පසු මේ මුදල සම්බ­න්ධ­යෙන් ඇති වූ සැකය මත ඉකුත් ඔක්තෝ­බර් 22 දින අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට මේ බව දැන්වූ බවද, තම බැංකු ගිණු­මට බැර වූ මුදල් තම පෞද්ග­ලික පරි­හ­ර­ණය සඳහා භාවිත නොකළ බවද සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT