Sunday, April 20, 2025
Home » ඩෑන් ප්‍රිය­සාද් ඇතුළු තිදෙ­න­කුට වරෙන්තු

ඩෑන් ප්‍රිය­සාද් ඇතුළු තිදෙ­න­කුට වරෙන්තු

by Gayan Abeykoon
November 28, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

2022 මැයි 9 දා ගාලු­මු­ව­දොර පිටි­යේදී අර­ග­ල­ක­රු­වන්ට පහර දීමේ සිද්ධි­යට අදා­ළව නඩුව විවෘත අධි­ක­ර­ණයේ කැඳවූ අව­ස්ථාවේ අධි­ක­ර­ණයේ පෙනී නොසිටි ඩෑන් ප්‍රිය­සාද් ඇතුළු තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි මහ­ත්මිය ඊයේ 27 නියෝග කළාය. සැක­කරු මේ වන විට විදේ­ශ­ග­තව ඇති බව නීතිඥ සුද­ර්ශනී ගුණ­රත්න මහ­ත්මිය ඔහු වෙනු­වෙන් පෙනී සිටි­මින් අධි­ක­ර­ණය හමුවේ දන්වා සිටි­යද ඔහු ඇතුළු අධි­ක­ර­ණයේ පෙනී නොසිටි සැක­ක­රු­වන් තිදෙ­න­කුට මහේ­ස්ත්‍රා­ත්ව­රිය වරෙන්තු නිකුත් කළාය.

නඩුව කැඳවූ අව­ස්ථාවේ අධි­ක­ර­ණයේ පෙනී නොසිටි මහි­න්ද­රත්න කහ­ඳ­ගම යන අය වෙනු­වෙන් ඇප­කරු පෙනී සිටි­මින් ඔහු විදේ­ශ­ගත වී ඇති බව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. රජයේ දේප­ළ­ව­ලට හානි කිරීම සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන්ට එරෙ­හිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. අර­ග­ල­ක­රු­වන්ට පහර දීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන මිලාන් ජය­ති­ලක, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැක­ක­රු­වන් 36 දෙදෙ­නා­ගෙන් සැක­ක­රුවෝ 34 දෙනෙක් විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යහ.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර, සෙසු සැක­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ තිළිණ වීර­සිංහ මහතා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව ලබන වසර මාර්තු 26 දා යළි කැඳ­වන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT