අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද පෙරවරු 10.00 වන විට පුද්ගල මරණ 12ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
අම්පාරෙන් මරණ අටක් සහ බදුල්ල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවලින් එක් මරණය බැගින් වාර්තා වී ඇත.
විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර 17 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ අතර, දිස්ත්‍රික්ක 23ක පවුල් 99,876ක පුද්ගලයන් 335,155ක් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.
පවුල් 8,678ක පුද්ගලයන් 27,717ක් ආරක්ෂිත ස්ථාන 279ක රඳවා සිටින අතර, පවුල් 18,025ක පුද්ගලයන් 61,290ක් ඥාතීන්ගේ නිවෙස් වෙත යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 1708කට අර්ධ හානි සිදුව ඇති අතර නිවාස 95ක් විනාශ වී තිබේ.