Home » තාවකාලික අංක තහඩු අවලංගුයි

තාවකාලික අංක තහඩු අවලංගුයි

by chanaka
November 28, 2024 3:59 pm 0 comment

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15වැනිදායින් පසුව අවලංගු කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එදිනට පෙර ස්ථිර අංක තහඩු ලබාගන්නා ලෙසයි.

එමෙන්ම, දෙසැම්බර් 15 වැනිදායින් පසුව තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන වාහනවලට එරෙහිව පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරී තත්ත්වය අවන් කර නැවත නිකුත් කිරීම මේවන විට ආරම්භ කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT