Home » කලාවැව එළිය කළ දීඝ දන්තු ගැන ලැබුණු කණගාටු ආරංචිය

කලාවැව එළිය කළ දීඝ දන්තු ගැන ලැබුණු කණගාටු ආරංචිය

by yasara
November 28, 2024 3:20 pm 0 comment

කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ දළ යුගලයකින් හෙබි  දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද  ( 28දා) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාගල පලාගල, හිඟුරු වැව  ප්‍රදේශයේ නිවසක් අසල අද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කලේය.

මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.

කහල්ල පල්ල කැලේ අභය භූමියේ  සියබලන්ගමුව, කලා වැව සහ බළලූ වැව් රක්ෂිත තුල කාලයක සිට සැරි සරූ මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදීද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව  ප්‍රතිකාර ලැබූ බව වන ජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේය.

දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බවයි පරිසරවේදීන් පෙන්වා දෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT