Wednesday, April 23, 2025
Home » ‘මූඩීස්’ ශ‍්‍රී ලංකාව ඉහළ දමයි

‘මූඩීස්’ ශ‍්‍රී ලංකාව ඉහළ දමයි

by chanaka
November 28, 2024 3:12 pm 0 comment

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන මූඩීස් (Moody’s)විසින් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් දර්ශකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුගතකරණය සම්පූර්ණ කිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව මූඩිස් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව පසුගිය අගහරුවාදා දිනයේ දී කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හෙළි කළේ ය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස පහත පරිදි වේ.

“ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමග කළ සාකච්ඡා යම් එකඟතාවයකට පැමිණ තිබුණා ජුනි මාසය වෙනකොට. කෙසේ නමුත් ස්වෛරී බැඳුම්කරවල තිබුණු සංකීර්ණත්වය නිසාම ඒක ප්‍රමාද වෙමින් තිබුණා. නමුත් සැප්තැම්බර් මාසයේදී අපිට හැකියාව ලැබුණා බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයේදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළා මේ ණයවල තියන සංයුතිය එහි ව්‍යුහය, ඒ ණය ආපසු ගෙවීමේදි ඒ කාලපරිච්ඡේදය තුළදී ආර්ථිකයට වන බලපෑම.

ඒ වගේම අපි දැනටමත් සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ එකඟතාවයට අනුකූලව ණය තිරසාරත්වය පවත්වාගෙන යන්න ඔනේ 95%ක් 2032 වෙනකොට. ඒ පරාමිතීන්ට අනුකූලව කලින් තිබුණ බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.”

මේ අතර විදෙස් ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ බැංකු මත ඇති පීඩනය පහව යනු ඇති බව තවත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පසුගිය දා නිවේදනය කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT