Thursday, April 24, 2025
Home » කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ පැවැත්වෙන්නේ මෙහෙමයි

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ පැවැත්වෙන්නේ මෙහෙමයි

by yasara
November 28, 2024 2:50 pm 0 comment

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්
විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඒ අනුව දින 03කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තවත් දින 03කින් කල් යන බව මෙහිදී ප්‍රකාශ කළේය

ඒ අනුව නව දිනයන්ට අදාළව විභාගය පැවැත්වෙන කාලසටහන පහත පරිදි වෙයි.
නොවැම්බර් 27 බදාදාට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 21 වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 28 බ්‍රහස්පතින්දාට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 23වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 29 සිකුරාදාට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 27වැනි සිකුරාදා පැවැත්වීමට නියමිතයි.
නොවැම්බර් 30 සෙනසුරාදා පැවැත්වීමට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 28වැනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 02 සඳුදා පැවැත්වීමට නියමිත  වූ විෂයන් දෙසැම්බර් 30වැනි සඳුදා පැවැත්වීමට නියමිතයි.
දෙසැම්බර් 03 වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිත  වූ  විෂයන් දෙසැම්බර් 31වැනි අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට සුදු පැහැයෙන් තිබූ කාලසටහන වෙනුවට නව කාලසටහනක් වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුළු මාධ්‍යන්වලින් මේ පිළිබඳව උසස්පෙළ සිසුන් දැනුවත් කරන බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT