Wednesday, April 23, 2025
Home » සැමියාගේ පොරව පහරින් මල් විකුණූ බිරිඳ මරුට

සැමියාගේ පොරව පහරින් මල් විකුණූ බිරිඳ මරුට

by yasara
November 28, 2024 12:21 pm 0 comment

කතරගම පොලිස් වසමට අයත් ඩෝසර් වැව ප්‍රදේශයේදී  අද (28) අලුයම 5 ට පමණ සැමියා විසින් පොරොව කින් පහරදී බිරිඳ ඝාතනය කර ඇතැයි කතරගම පොලිසිය පවසයි .

මෙලෙස ඝාතනය කර ඇත්තේ අංක 72 ,ඩෝසර් වැව පාර, කතරගම ලිපිනයේ පදිංචි උසේන් නෝනා පරීනා නමැති 34 හැවිරිදි දෙදරු මවකි.

ඇය මල් වෙළෙඳාම් කර දිවි රැකගත් කාන්තාවක් බවද පොලිසිය පවසයි .

දීර්ඝ කාලීන පවුල් ආරවුලක් හේතුවෙන් මෙම මිනිස් ඝාතනය සිදුකර ඇතැයි වාර්තා වෙයි.

පොරොවෙන් හිසට පහරදී නිවසේ මිදුල මැද බිරිඳ ඝාතනය කල   44 වියේ පසුවන සැකකාර සැමියා ප්‍රදේශය අතහැර  පලාගොස් ඇතැයිද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (28) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි .

කතරගම පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT