Home » අයහපත් කාලගුණය නිසා තවත් විභාග දෙකක් කල් යයි

අයහපත් කාලගුණය නිසා තවත් විභාග දෙකක් කල් යයි

by yasara
November 28, 2024 11:51 am 0 comment

මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 01 සහ 02 පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක් ද නැවත දැනුම් දෙනතුරු කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශය 2024 විභාගය සහ දෙසැම්බර් 02 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛනඥ සහ සංඛ්‍යා ලේඛනඥ නිලධාරීන් සඳහා වන විභාගය කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම විභාග පැවැත්වෙන දිනයන් ගැන ඉදිරියේදී දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT