Home » ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස

ජනපති අනුරගේ අත්සන සහිත මුදල් නෝට්ටු එන දවස

by chanaka
November 28, 2024 9:12 am 0 comment

මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි.

තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක හමාරක කාලයක් ගතවුවත් තමන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු බහුල වශයෙන් සංසරණය නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මහ බැංකුව වසරකට පමණ අවශ්‍ය වන මුදල් නෝට්ටු අච්චු ගසා ගබඩා කරගෙන තබාගෙන සිටිනා බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් වත්මන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු සංසරණය වන කාලයක් සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් තමන්ට ප්‍රකාශ කල නොහැකි බවද හෙතෙම කියා සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT