Home » මෙතෙක් කල් පැවැති පොලිස් නිල වෙබ් පිටුව යළි නැහැ

මෙතෙක් කල් පැවැති පොලිස් නිල වෙබ් පිටුව යළි නැහැ

by chanaka
November 28, 2024 9:08 am 0 comment

මෙතෙක් කල් පැවැති පරිශීලනය කල ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් පිටුව යලි දක්නට නොලැබෙන බවත් නව මුහුණතක් සමඟ නිර්මාණය කල නව වෙබ් පිටුව ඔබට www.police.lk ලිපිනයට පිවිසීමෙන් පරිශීලනය කළ හැකි බවත් ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝවන් ඇතුලු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීමට නියමිත මෙම නව වෙබ් පිටුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිර්මාණයකි.

එමෙන්ම සුපුරුදු පරිදි පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහාද අවස්ථාව ලබාදී ඇති අතර ඉදිරියේදී ඔබේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුල ඇතුලත් කිරීමට නියමිතය.

වෙබ් පිටුව නිල වශයෙන් හදුනාවාදීමේ අවස්ථාව ඊයේ(27) සවස බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රදානත්වයෙන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා අපරාධ දිසාව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් යන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT