Sunday, April 20, 2025
Home » ඒ- 9 මාර්ගය යළිත් වරක් ගමනා ගමන විවෘත වෙයි

ඒ- 9 මාර්ගය යළිත් වරක් ගමනා ගමන විවෘත වෙයි

by yasara
November 28, 2024 8:40 am 0 comment

යාපනය – මහනුවර ඒ- 9 මාර්ගය යළිත් වරක් ගමනා ගමන කටයුතු සදහා  අද ( 28 )  විවෘත කොට තිබේ.

එහෙත් පොලීසිය ප්‍රකාශ කරන්නේ මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ජලයෙන් යට වී ඇති නිසා එම මාර්ගයේ ගමන් කරණ රියදුරන් දැඩි කල්පනාවකින් යුතුව ගමන් කරන ලෙසයි.

වැව් තුනක් පිටාර ගැලීමෙන් හා එක් වැවක වැව් බැම්ම කැඩී යාමෙන් එක් වූ  විශාල ජල ප්‍රමාණයක් ඒ-9 මාර්ගය හරහා ගමන් කිරීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමන්නට පොලීසියට සිදු වුණි.

ඉන් පසුව වවුනියාවේ සිට යාපනයට ගමන් කරන වාහන සදහා කැබිතිගොල්ල්ලෑව හරහා විකල්ප මාර්ග හදුන්වා දීමට පොලීසියට සිදුව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT