Wednesday, April 23, 2025
Home » මෛත්‍රීමූර්ති නාහිමි අමරපුර නිකායේ මහානායක ධුරයට

මෛත්‍රීමූර්ති නාහිමි අමරපුර නිකායේ මහානායක ධුරයට

-මහා ලේඛ­කා­ධි­කාරී ධුරය බල­පි­ටියේ සිරි සීවලී හිමිට

by sachintha
November 27, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරයට කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායක ස්වාමීන් වහන්සේ තේරී පත්ව තිබේ. එමෙන්ම එම සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ධුරයට බලපිටියේ සිරි සීවලී ස්වාමීන් වහන්සේ පත්ව ඇත. අමරපුර මහා නිකාය පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් කලපළුවාව ගෝතම තපෝවනය විහාරස්ථානයේදී පැවැති… සංඝ සභා රැස්වීමකදී මෙම පත් කර ගැනීම් සිදු කර ඇත.

අමරපුර මහා නිකාය පාර්ශ්වීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් කලපළුවාව ගෝතම තපෝවනය විහාරස්ථානයේදී පැවැති සංඝ සභා රැස්වීමකදී මෙම පත් කර ගැනීම් සිදු කර ඇත. බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමියෝ 1962 ජුනි මස 18 වැනි දින බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් වූහ. උන් වහන්සේට ශාසනික කටයුතු පිළිබඳ තිබූ සහජ දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරයටත් නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයටත් ඉන් අනතුරුව තම පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයටත් පත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලංකා අමරපුර සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ධුරයටත් එහි උප සභාපති ධුරයටත් පත්වීමට හැකියාව ලැබිණි. අනතුරුව තම පාර්ශ්වයේ මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් පසුව 2004 වර්ෂයේ අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ මහා නායක ධුරය දරමින් එහි ශාසනික අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙවරක් සිදු කරනු ලැබීය. එම සේවාව ඇගැයීමක් ලෙස සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරය ද දරුණු ලැබූ උන් වහන්සේ අමරපුර නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ලෙස පත්කරගෙන තිබේ.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT