Sunday, April 20, 2025
Home » රෝද පුටු ක්‍රිකට් පද­න­මට ශූර­තාව

රෝද පුටු ක්‍රිකට් පද­න­මට ශූර­තාව

by Gayan Abeykoon
November 26, 2024 1:14 am 0 comment

සමස්ත ශූර­තාව දිනූ ශ්‍රී ලංකා රෝද පුටු පද­න­මට හිමි ශූරතා කුස­ලා­නය එම සංග­මයේ සභා­පති ඉර්ෆාන් පකි­ර්ඩීන්, සභා­පති ශිරාන් සම­ර­සිංහ, එම සංග­මයේ ප්‍රධාන ලේකම් එන්.එම්.සුලෙ­යින් බෙගම්, භාණ්ඩා­ගා­රික එච්.එම්.එස්. නන්ද­සිරි හා පුහු­ණු­කරු සම්පත් යන මහත්ම මහ­ත්මීන් අතින් ජය­ග්‍රාහී කණ්ඩා­යමේ නායක ජී.ජී.එස්.ගල හිටි­යාව වෙත ප්‍රදා­නය කළ අන්ද­ම. වාර්තාව හා ඡායා­රූපය: කළු­තර මධ්‍යම විශේෂ සහ පොතු­පි­ටිය සුමිත් ප්‍රේම­ති­ලක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා­වට  නව­තම අරු­තක් එක් කර­මින් ආබා­ධිත රණ­වි­රු­ව­න්ගෙන් සම­න්විත ප්‍රථම වරට සංවි­ධා­නය කරන ලද රෝද පුටු ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව ශ්‍රී ලංකා රෝද පුටු  පද­නම කණ්ඩා­යම දිනා­ගත් අතර, අනු­ශූ­ර­තාව  වෙන්න­ප්පුව විලෝ රෝද පුටු කණ්ඩා­ය­මට හිමි වූ අතර, තුන්වන ස්ථානය වවු­නි­යාවේ උතුරු පළාත්  රෝද පුටු ක්‍රිකට් කණ්ඩා­ය­මට හිමි විය. තර­ගා­ව­ලියේ ශූරයා ලෙස  ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් පද­නමේ සරත් ගල­හි­ටි­යාව සම්මා­න­යට පත්‍ර විය.

ශ්‍රී  ලංකා­ රෝද  පුටු ක්‍රිකට් පද­නමේ නිර්මාතෘ  සුලෙ­යින්  බෙගම් මහ­ත්මිය විසින් රට­පුරා වෙසෙන ආබා­ධිත  රණ­වි­රු­වන් හා ආබා­ධිත සිවිල් පුර­වැ­සි­යන් ඒක­රාශී කර­ගෙන රජයේ කිසිදු අනු­ග්‍ර­හ­යක් නොමැ­තිව ශ්‍රී ලංකා රෝද  පුටු ක්‍රිකට් පද­නම පිහි­ටුවා ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT