ජාතික පාසල් බොක්සිං තරගාවලියේ රන් පදක්කම් 3ක් හා රිදි පදක්කමක් දිනා ගනිමින් බාලිකා අංශයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල සිරි පැරකුම් විද්‍යාලය සමත් විය. එම ජයග්‍රහණය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කණ්ඩායම් තරගයක සමස්ත ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව වේ.
මෙම විදුහලේ සිසුන්ට බොක්සිං ක්‍රිඩාව පුහුණුවිම සඳහා නිසි ස්ථානයක් නොමැති අතර, පංති පැවැත්වෙන පංති කාමර සවස් කාලයේ අස්කර අවශ්‍ය ඉඩ පහසුකම් ලබා ගෙන ඉතාමත් දුෂ්කරතා මධ්‍යයේ පුහුණුවීම් සිදු කර ශූරතා දිනා ගැනීම විශේෂත්වයකි. විදුහල්පතිනි මෙන්ම බොක්සිං පුහුණුකාරි ලක්මිනි ලසන්තිකා මහත්මිය, බොක්සිං විනිසුරු නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂ සුසන්ත වීරසේකර මහතා මෙම ජයග්‍රහණ පසුපස සෙවණැලි බඳු විය.