Home » රත්න­පු­රයේ තැන තැන ඌරන් මියගිහින්

රත්න­පු­රයේ තැන තැන ඌරන් මියගිහින්

සූකර උණ බවට සැකයක්

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

කුරු­විට සමූහ - කේ.ඒ. සුනිල්

සිරුරු කොටස් ගන්නෝ­රුව පශු වෛද්‍ය පර්යේ­ෂ­ණා­ය­ත­න­යට

දැනට සති දෙක තුනක පමණ කාළ­යක සිට සූකර උණ බවට සැක­ක­රන මාරා­න්තික වයි­රස් උණ­කින් රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ කුරු­විට, ඇහැ­ළි­ය­ගොඩ, රත්න­පුර, කර­පිංච, බළ­න්ගොඩ, ඇඹි­ලි­පි­ටිය වැනි ප්‍රදේ­ශ­වල වල් ඌරන් හා ගම් ඌරන් තැන තැන මිය යමින් පව­තින අතර, මෙම තත්ත්වය මත මේ දින­වල ඌරු මස් කෑමට ප්‍රිය කරන අය පවා ඌරු මස් අනු­භ­වය අත්හැර ඇති බවට වාර්තා වේ.

පසු­ගි­යදා රත්න­පුර ගලු­කා­ගම ප්‍රදේ­ශයේ තේ පර්යේ­ෂ­ණා­ය­ත­න­යට අයත් ඉඩ­ම­කට කෑම සොයා රාත්‍රී කාලයේ පැමිණි වල් ඌරන් තිදෙ­නකු අබි­ර­හස් ලෙස මිය­ගොස් සිටි අතර, මිය­ගිය එම වල් ඌරන් මිය­ගොස් ඇත්තේ කුමන රෝගී තත්ත්ව­යක් වැල­ඳී­මෙන්ද යන්න තහ­වුරු කර ගැනී­මට රත්න­පුර තේ පර්යේ­ෂ­ණා­ය­ත­නයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමන්ත බණ්ඩාර මහතා විසින් රත්න­පුර පශු වෛද්‍ය කාර්යා­ලයේ පශු වෛද්‍ය නාලක මුණ­සිංහ මහ­තාට දැන්වී­මෙන් අන­තු­රුව එම වෛද්‍ය­ව­රයා ඇතුළු කණ්ඩා­ය­මක් පැමිණ ඔවුන්ගේ සිරුරු කපා ශරීර කොටස් වැඩි­දුර පරී­ක්ෂණ සඳහා ගන්නෝ­රුව පශු වෛද්‍ය පර්යේ­ෂ­ණා­ය­ත­න­යට යැවී­මට කට­යුතු කෙරිණි.

මෙසේ මිය­ගොස් සිටි ඌරන්ගේ ඇස්ව­ලින් ලේ වහ­නය වී තිබූ අතර, පශු වෛද්‍ය නාලක මුණ­සිංහ මහතා පවසා සිටියේ මෙම ඌරන් මිය යාමට හේතුව ලෙස සැක කරන්නේ මිය යන ඌරන් සූකර උණට ගොදු­රුවී ඇති බවයි. මෙම වයි­ර­ස­යට ඖෂධ නොමැති බැවින් ශරීර ප්‍රති­ශ­ක්ති­යෙන් සුව වන සතුන් ඉතාම අල්ප බවත්, මිය යන ප්‍රති­ශ­තය 90%ක් පමණ වන බවත් වෛද්‍ය­ව­රයා පැවැ­සීය.

මේ වන විට රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ ප්‍රදේශ ගණ­නා­ව­කින් මෙම සතුන් මිය යන බවට වාර්තා වී ඇති බවද, ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශයේ ඌරු කොටු­වක සිටි ඌරන් 133 දෙනෙ­කු­ගෙන් මේ වන විට ඉති­රිව සිටින්නේ විස්සක පමණ කණ්ඩා­ය­මක් පම­ණක් බවද ඉතිරි ඌරන් මෙම වයි­රස් උණ රෝග­යට ගොදු­රු­වී­මෙන් මිය­ගොස් ඇති බවද, මැරුණු සතු­න්ගෙන් ලබා ගත් සිරුරු කොටස් මේ වන­විට ගන්නෝ­රුව පශු වෛද්‍ය පර්යේ­ෂ­ණා­ය­ත­න­යට යවා ඇති බැවින් එම වාර්තා ලැබුණු පසු මෙම රෝගී තත්ත්වය පිළි­බ­ඳව පැහැ­දිලි අද­හ­සක් පළ කළ හැකි බවද වෛද්‍ය­ව­රයා පැවැ­සීය. මෙසේ මැරෙන සතුන්ගේ මස් අනු­භ­ව­යෙන් ජන­තා­වට එම රෝගය බෝ නොවන බවත්, එම වයි­ර­සය බෝවන්නේ ඌරන්ට පම­ණක් බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT