හිටපු පොලිස්පතිවරයකු වූ අර්නස්ට් පෙරේරා මහතාගේ මිනිබිරියගේ බොරැල්ල ඇල්විටිගල මාවතේ, මැණින් ටවුන් මහල්නිවාස සංකීර්ණයේ නිෙවස බිඳ රුපියල් ලක්ෂ 31කට ආසන්න රන් ආභරණ ඇතුළු දේපොළ සොරාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු මිලිග්රෑම් 12000ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී සොරාගත් රන් ආභරණ, සුදු රත්රන්වලින් නිම වූ ආභරණ සහ විදේශීය මත්පැන් බෝතල්, අත් ඔරලෝසු ඇතුළු දේපොළ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් 19 වැනිදා නිවැසියන් ඥාති නිෙවසකට ගොස් සිටියදී වතුර බටය දිගේ පළමුවන මහලට ඇතුළු වී නිෙවසේ නාන කාමරයේ සුළං කවුළුවෙන් නිෙවසට ඇතුළු වී දේපළ සොරාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකරු සොරාගත් මත්පැන් බෝතල් කීපයක් ලබා දී හෙරොයින් මත්කුඩු මිලදී ගෙන ඇති බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු නාරහේන්පිට ඇල්විටිගල මාවතේ පදිංචිකරුවෙකි.