Home » හිටපු පොලි­ස්ප­තිවරයකුගේ මිනි­බි­රි­යගේ නිවෙස කොල්ලකෑ අයෙක් මාට්ටු

හිටපු පොලි­ස්ප­තිවරයකුගේ මිනි­බි­රි­යගේ නිවෙස කොල්ලකෑ අයෙක් මාට්ටු

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

හිටපු පොලි­ස්පතිවරයකු වූ අර්නස්ට් පෙරේරා මහ­තාගේ මිනි­බි­රි­යගේ බොරැල්ල ඇල්වි­ටි­ගල මාවතේ, මැණින් ටවුන් මහ­ල්නි­වාස සංකී­ර්ණයේ නි‍ෙවස බිඳ රුපි­යල් ලක්ෂ 31කට ආසන්න රන් ආභ­රණ ඇතුළු දේපොළ සොරා­ගත් පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව බොරැල්ල පොලී­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථාවේ දී සැක­කරු සන්ත­කයේ තිබී හෙරො­යින් මත්කුඩු මිලි­ග්‍රෑම් 12000ක් පොලිස් භාර­යට ගෙන ඇත.

එම සැක­ක­රු­ගෙන් ප්‍රශ්න කිරීමේ දී සොරා­ගත් රන් ආභ­රණ, සුදු රත්ර­න්ව­ලින් නිම වූ ආභ­රණ සහ විදේ­ශීය මත්පැන් බෝතල්, අත් ඔර­ලෝසු ඇතුළු දේපොළ රැසක් පොලිස් භාර­යට ගෙන ඇත.  ඉකුත් 19 වැනිදා නිවැ­සි­යන් ඥාති නි‍ෙව­ස­කට ගොස් සිටි­යදී වතුර බටය දිගේ පළ­මු­වන මහ­ලට ඇතුළු වී නි‍ෙවසේ නාන කාම­රයේ සුළං කවු­ළු­වෙන් නි‍ෙව­සට ඇතුළු වී දේපළ සොරා­ගෙන තිබූ බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබිණි.

සැක­කරු සොරා­ගත් මත්පැන් බෝතල් කීප­යක් ලබා දී හෙරො­යින් මත්කුඩු මිලදී ගෙන ඇති බවට ලද තොර­තු­ර­කට අනුව සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සැක­කරු මීට පෙරද අප­රාධ රැස­කට අත්අ­ඩං­ගු­වට පත් වූ පුද්ග­ල­යෙකි.

අත්අ­ඩං­ගු­වට ගත් 46 හැවි­රිදි සැක­කරු නාර­හේ­න්පිට ඇල්වි­ටි­ගල මාවතේ පදිං­චි­ක­රු­වෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT