පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ කාරණා ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව හෙට (27) පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.
මහමැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව ද මෙය වන අතර මෙහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන් කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතය.