Monday, April 21, 2025
Home » පස් කඳු,ගල් කඩා වැටී බදුල්ල-කොළඹ කොටුව දුම්රිය ධාව­න­යට බාධා

පස් කඳු,ගල් කඩා වැටී බදුල්ල-කොළඹ කොටුව දුම්රිය ධාව­න­යට බාධා

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

සී .ගමගේ- සොර­ණා­තොට සමූහ

උඩ­රට දුම්රිය මාර්ගයේ හාලි­ඇළ සහ උඩු­වර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ග­යට ඊයේ (25) දහ­වල් ගල් පස් කඳු කඩා වැටී බදුල්ල, කොළඹ, කොටුව දුම්රිය ධාව­න­යට බාධා සිදුව ඇතැයි නාව­ල­පි­ටිය දුම්රිය පාලක මැදි­රිය පව­සයි.

පව­තින අධික වර්ෂා­වත් සමඟ මෙසේ  දුම්රිය මාර්ග­යට ඉහ­ළින් පිහිටි කඳු මුදුනේ තිබූ විශාල ගල්, පස් කඳු දුම්රිය මාර්ග­යට කඩා වැටී තිබේ. මේ නිසා බදුල්ල සිට මහ­නු­වර බලා ධාව­නය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවා­හන මිශ්‍ර දුම්රිය දැනට හාලි­ඇළ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පැව­සීය.

දුම්රිය මාර්ග­යට කඩා වැටී ඇති ගල්, පස් කඳු ඉවත් කිරී­මට බදුල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග අංශයේ සේව­ක­යන් පිටත් කර යවා ඇති බවත්,මේ නිසා­වෙන් බදුල්ල, කොළඹ, කොටුව අතර දුම්රිය ධාව­නය තර­මක් ප්‍රමාද වන බවත් නාව­ල­පි­ටිය දුම්රිය පාලක මැදි­රිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

කොළඹ, කොටුව සිට බදුල්ල බලා ධාව­නය වෙමින් තිබෙන දුම්රිය සාමාන්‍ය පරිදි දැනට ධාව­නය වෙමින් තිබෙන බවත් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රකා­ශ­ක­යකු පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT