Monday, April 21, 2025
Home » මත්ද්‍රව්‍ය සැප­යුම් ජාලය බිඳ දම­නවා

මත්ද්‍රව්‍ය සැප­යුම් ජාලය බිඳ දම­නවා

වැ.බ. පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට එරෙ­හිව මෙහෙ­යුම් වැඩි කර ඇති බවත් එම මෙහෙ­යු­ම්වල ඉල­ක්කය බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය සැප­යුම් ජාලය හඳු­නා­ගෙන එම සැප­යුම් ජාලය බිඳ දැමීම බවත් වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සඳ­හන් කරයි.    මත්ද්‍රව්‍ය සැප­යුම් ජාලය බිඳ දැමීම සඳහා කෙරෙන මෙහෙ­යු­මක ප්‍රති­ඵ­ල­යක් මෑත­කදී දකි­න්නට ලැබුණු බවත් මෑත ඉති­හා­සයේ ගොඩ­බිම් මෙහෙ­යු­ම­කදී වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමා­ණ­යක් එහිදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බවත් වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා පැව­සු­වේය. මෑත­කදී මාල­දි­ව­යි­නෙන් ද දකි­න්නට ලැබුණේ එවැ­න්නක් බව ද ඔහු කීය.

මත්ද්‍රව්‍ය භාවිත කර­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනීම තුළින් මත්ද්‍රව්‍ය නතර කිරී­මට නොහැකි බව තරයේ විශ්වාස කරන බවත් කළ යුතු වන්නේ සැප­යුම නතර කිරීම බවත් වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

“එම සැප­යුම නතර කිරී­මට අවශ්‍ය කට­යුතු තමයි දැන් අපි කර­ගෙන යන්නේ” යැයිද වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා කීය.   මත්කුඩු ජාලය ගැන මෙන්ම ප්‍රාදේ­ශීය වශ­යෙන් බෙදා හරින ජාලය සම්බ­න්ධ­යෙන් දන්නා තොර­තුරු 1997 කෙටි දුර­ක­තන අංකය ඔස්සේ ලබා­දී­මට මහ­ජ­න­තා­වට හැකි­යා­වක් ඇති බව ද වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT