Home » සැක­ක­රුවෝ අද රස පරී­ක්ෂක හමු­වට
සම්බා­හ­න­ය­කට බම්බ­ල­පි­ටියේ තැන­කට ගිය වෛද්‍ය­ව­රයා කොල්ල­කෑම

සැක­ක­රුවෝ අද රස පරී­ක්ෂක හමු­වට

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

කල්පනි අබේ­සිංහ

සම්බා­හ­න­යක් කර ගැනී­මට බම්බ­ල­පි­ටියේ පිහිටි ස්ථාන­ය­කට පැමිණි වෛද්‍ය­ව­ර­යෙකු බිය­ගන්වා ඔන්ල­යින් ක්‍රම­යට රුපි­යල් දස ලක්ෂ පහ­ළොස් දහ­සක් කොල්ලකෑ බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන් රක්ෂිත බන්ධ­නා­ගාර ගතව සිටින සැක­ක­රු­වන් සිවු­දෙනා අද (26) රජයේ රස පරී­ක්ෂ­ක­ව­රයා වෙත ඉදි­රි­පත් කර ඔවුන් සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් කැඳ­වන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සිංහ මහතා බම්බ­ල­පි­ටිය පොලී­සි­යට ඊයේ (25) නියෝග කළේය. අදාළ සැක­ක­රු­වන් අද දිනය තුළ රජයේ රස පරී­ක්ෂක වෙත යොමු කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට අධි­ක­ර­ණය විසින් නියම කෙරිණි.

මෙම සිද්ධි­යට අදාළ මෙම සැක­ක­රු­වන්ගේ අදාළ නඩු භාණ්ඩ මේ වන විට රස පරී­ක්ෂක වෙත යවා ඇති අතර, ඩී.එන්.ඒ. පරී­ක්‍ෂ­ණ­යක් සඳහා අදාළ සැක­ක­රු­වන් තිදෙනා ද රජයේ රස පරී­ක්ෂක වෙත යොමු කර නියෝ­ග­යක් ලබා දෙන ලෙසට බම්බ­ල­පි­ටිය පොලී­සිය කරන ලද ඉල්ලී­මක් සලකා බැලී­මෙන් අධි­ක­ර­ණය එසේ නියම කළේය.

කොළඹ දිස්ත්‍රි­ක්කයේ පදිංචි සුදා­රක දේව­ප්‍රිය, මොහො­මඩ් සාදිප් උෂුප්, රාජ­ප­ක්ෂගේ අශේන්, දිමුතු එරංග යන සැක­ක­රු­වන් සිවු­දෙනා ලබන 27 දක්වා තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට ද මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය. මෙම සිද්ධි­යට අදා­ළව ආධාර අනු­බල ලබා දුන්නැයි ජන අර­ගල සංවි­ධා­නයේ කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂි­කා­වක වන ඇතු­ළත් මුද­ලිගේ මාලා ප්‍රනාන්දු ප්‍රියන්ති සහ ඇයගේ සැමියා වන ඇතු­ලත් මුද­ලිගේ චමින්ද පුෂ්ප­කු­මාර යන අය පෙර නඩු දින­ය­කදී ඇප මත නිද­හස් කරනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT