පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා විදෙස් රටවල් ගණනාවක 60කට අධික ස්ථානවල විරෝධතා රැලි ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටවල් රැසක පදිංචිව සිටින හා රැකියාවේ නිරතව සිටින දහස් සංඛ්‍යාත පාකිස්තාන ජනතාව වීදි බැස එම විරෝධතා සඳහා සහභාගි වෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් සහ චිකාගෝ ඇතුළු නගර රැසකත්,ටයිම්ස් චතුරස්‍රය ඉදිරිපිටත් විරෝධතා පැවැත්වෙන අතර, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර, ප්‍රංශය, ලන්ඩනයේ අගමැති නිවෙස අසල, බෙල්ජියමේ බෘසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරිපිට, ජපානය, ස්වීඩනය, ග්‍රීසිය, සිඩ්නි, ජර්මනිය, මෙල්බර්න්, ස්පාඤ්ඤය, ඉතාලිය, නෝර්වේ ඇතුළු රටවල් රැසක විවිධ ස්ථානවල එම විරෝධතා රැලි පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.