Monday, April 21, 2025
Home » 2/3ක බලය ජනතා අභි­ලා­ෂ ඉටු කිරීම සඳ­හා­මයි

2/3ක බලය ජනතා අභි­ලා­ෂ ඉටු කිරීම සඳ­හා­මයි

මහා­චාර්ය ඔසන්ත එන්. තල්පා­විල

by Gayan Abeykoon
November 26, 2024 1:30 am 0 comment

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක ආණ්ඩු පත් කර­ගැ­නීමේ මූලික වග­කීම පැවරී ඇත්තේ ජන­තා­ව­ටය. ජන­තා­වගේ කැමැත්ත මත තමන්ගේ පාල­නය තෝරා­ගන්නා තත්ත්ව­යක් තුළ පසු­ගිය මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගය විශාල ජය­ග්‍ර­හ­ණ­යක් ලැබුවා පම­ණක් නොව එය ශ්‍රී ලංකාවේ මැති­ව­රණ ඉති­හා­සය තුළ ලැබූ සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යකි. එම සුවි­ශේෂි බලය කුමන ආකා­ර­යට භාවිත කර­න්නේද? ලැබූ ජය­ග්‍ර­හ­ණයේ හරය කුමක්ද යන කාර­ණය සම්බ­න්ධ­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන විද්‍යා අධ්‍ය­යන අංශයේ අංශා­ධි­පති, මහා­චාර්ය ඔසන්ත එන්. තල්පා­විල සමඟ කළ සාක­ච්ඡා­ව­කින් මේ ලිපිය සැක­සිණි.

 

මෙවැනි බල­යක් ලබා­ දුන්නේ ජන­තාව බව අම­තක නොකළ යුතු කරු­ණකි. ජනතා පර­මා­ධි­ප­ත්‍යය ඇත්තේ ජන­තාව මත පමණි. මෙම පර­මා­ධි­ප­ත්‍යය බලය යම්කිසි ආකා­ර­ය­කට ආණ්ඩුව වෙත පිරි­න­මන්නේ ජන­තා­වගේ අව­ශ්‍යතා ඉටු කරවා ගැනීමේ පර­මා­ර්ථ­යෙනි. එවැනි තත්ත්ව­යක් තුළ ලැබුණු විශාල බල­යක් හරහා  සිය පර­මා­ධි­ප­ත්‍යය ජන­තාව ආණ්ඩුව වෙත පිරි­නැ­මුණේ තමන්ට සුබ­සි­ද්ධි­යක් අත්පත් වේ යැයි අපේ­ක්ෂා­වෙනි.

ජනතා පර­මා­ධි­ප­ත්‍යය ආණ්ඩුව විසින් භාවිත කරන්නේ එම ජන­තා­වගේ අව­ශ්‍යතා ඉටු කර­වා­ලී­මක මිසක වෙනත් අර­මු­ණ­කින් නොවේ. දේශ­පා­ලන චින්ත­නය තුළ ජෝන් ලොක් සහ රූසෝ වැනි චින්ත­ක­යන් අව­ධා­ර­ණය කර ඇත්තේ පර­මා­ධි­ප­ත්‍යය විකෘති ආකා­ර­ය­කින්, නැත­හොත් අනිසි ආකා­ර­ය­කින් භාවිත කිරී­මට හැකි­යා­වක් නොමැති බවයි. පාල­ක­යාට ජන­තා­ව­ගෙන් තමන්ට ලැබුණු බලය ජන­තා­වගේ අභි­වෘ­ද්ධිය තකා මිසක වෙනත් ආකා­රයේ කිසිදු අර­මු­ණක් සම්බ­න්ධ­යෙන් භාවිත  කිරීමේ හැකි­යා­වක් හෝ නොමැති බව ඔවුන් තව­දු­ර­ටත් අව­ධා­ර­ණය කර ඇත.

රටේ නව පරි­ව­ර්ත­න­යක් සඳහා අපේ රටේ ජන­තාව උද්‍යෝ­ග­යෙන් මෙවර ඡන්ද­යේදී ඡන්දය භාවිත කිරී­මක් අපට දක්නට ලැබිණි. මේ නිසා ජාතික ජන බල­වේ­ග­යට අති­වි­ශාල බල­යක් ලබා ­දී­මට ජන­තාව තීර­ණය කළහ. වර්ත­මාන රජ­යට ලැබුණු විශාල ජන­ව­රම ජනතා අව­ශ්‍යතා හා ජනතා සුබ­සි­ද්ධිය උදෙසා භාවිත කර­ලීමේ වග­කීම මේ නිසාම රජ­යට පැවරී ඇත.

 

අසී­මා­න්තික බල­යක අව­සන් පලය

 

රටක ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තුළ පුර­වැ­සි­යාගේ පුර­වැසි අයි­තීන් ආරක්ෂා කිරීම ආණ්ඩු­වක ප්‍රධාන වග­කී­මකි. දීර්ඝ කාල­යක් අපේ රටේ ජන­තාව විවිධ ආකා­රයේ සමාජ ආර්ථික ගැට­ලු­ව­ලට මුහු­ණ­දෙ­මින් සිටි අතර මෙවර විශාල බලා­පො­රොත්තු රාශි­යක් සහි­තව වර්ත­මාන රජ­යට මේසා විශාල බල­යක් ලබා දී තිබේ. මින් පෙර රජ­යන් කිහි­ප­ය­කට බහු­තර බල­යක් හෝ 2/3ක බල­යක් ජනතා අව­ශ්‍යතා හා අපේ­ක්ෂා­වන් ඉටු කර ගැනීම සඳහා දැඩි විශ්වා­ස­යක් සහි­තව ලබා­ දුන්න ද එම කිසිදු පාල­න­ය­කින් ජනතා අපේක්ෂා ඉටු නොවුණි. ජන­ව­රම හෑල්ලු‍වට ලක් කර, ජන­ව­ර­මට පිටු­පෑ­මක් බොහෝ­වි­ටම දක්නට ලැබිණි. මෙවර මැති­ව­ර­ණ­යේදී ජන­තාව ජාතික ජන බල­වේ­ග­යට විශාල බල­යක් ලබා දීමට එයද හේතු­වක් විය.

බලය යනු සුවි­ශේෂී දෙයකි. අපේ රටේ අව­ස්ථා­වන් කිහි­ප­යක මෙවැනි සුවි­ශේෂි බල­යන් නිර්මා­ණය වී තිබිණි. එය 1977දී 5/6ක බල­යකි. 1970 හා 2020දී 2/3ක බහු­තර බල­යක් විය. නමුත් එවැනි අසී­මා­න්තික බල­යක අව­සන් ප්‍රති­ඵ­ලය ජන­තා­වගේ අව­ශ්‍යතා සපු­රා­ලී­මට යොදවා නැත. එම බලය ඔවුන්ගේ අව­ශ්‍යතා ඉටු කරවා ගැනී­මට සහ ඔවුන් ආරක්ෂා වීමට යොදා ගැනුණි. ජනතා අභි­ලාෂ ඉටු කර­ලී­මට පැවති රජ­යන් අස­මර්ථ වීම සහ ලැබූ බල­යන්  ජන­තා­වට හිත­කර නොවන අන්ද­මින් භාවිත කිරීම නිසා මෙවැනි සුවි­ශේෂි ප්‍රති­ඵ­ල­යක් ලැබිණි.

මූලික වශ­යෙන් ජනතා අව­ශ්‍යතා මොන­වාද කියන කාර­ණය හඳු­නා­ගැ­නීම ප්‍රධාන වශ­යෙන් කළ යුතු දෙයකි. ජන­තා­වට ජීවත් වීමට අවශ්‍ය මූලික අව­ශ්‍යතා සපු­රා­ලීම මෙන්ම සෞඛ්‍යසම්පන්න ජීවි­ත­යක්, ආර්ථික පීඩ­න­යෙන් මුදා­ගැ­නුණු සශ්‍රීක ජීවි­ත­යක්, සිය­ලු‍ ­ජන කණ්ඩා­ය­ම්ව­ලට නිද­හසේ ජීව­ත්විය හැකි රටක් නිර්මා­ණය කිරීම වර්ත­මාන රජ­යට ලබා­දුන් ජන­ව­රමේ අපේ­ක්ෂා­වයි. මෙවර ඡන්ද­යේදී ලබා දී ඇති ඡන්ද ප්‍රති­ඵ­ලය අනුව එය මොන­වට පැහැ­දිලි වේ.

මීට අම­ත­රව සමාජ සුබ­සි­ද්ධිය, සමාජ ආර­ක්ෂ­ණය, දේශ­පා­ලන යහ­පැ­වැත්ම, රටේ ආර්ථි­ක­මය ශක්ති­ම­ත්භා­වය නිර්මා­ණය වැනි කාරණා මෙන්ම ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් සුර­ක්ෂිත කිරී­මක්ද ජන­තාව අපේක්ෂා කර ඇත. මේවා ජන­තා­වගේ පොදු අභි­ලා­ෂ­යන් බවට පත්වී සමස්ත ජන­තා­වම එකම අර­මු­ණක් ඔස්සේ ක්‍රියා­ත්මක වූ බවක් මෙවර මැති­ව­ර­ණ­යේදී දැක ගත හැකි විය.

 

ආර්ථික ප්‍රති­ප­ත්ති­ය

 

අපේ රටේ 2/3කට ආසන්න බල­යක් ලැබීම ඉතාම විර­ලය. වර්ෂ 1970 දී සමගි පෙර­මුණ රජ­යට 2/3ක බල­යක් ලැබුණු අතර වර්ෂ 1977දී 5/6ක දැවැන්ත බල­යක් එක්සත් ජාතික පක්ෂ­යට ලැබිණි. මෙම විශාල බල­යන් ලැබූ අවස්ථා ද්විත්ව­යේ­දීම ඔවුන්ට ලැබුණු බලය රටේ ජන­තා­වගේ අව­ශ්‍යතා වෙනු­වෙන් කැප කළ බවක් දක්නට නොලැ­බිණි. වර්ෂ 1972දී නව ආණ්ඩු­ක්‍රම  ව්‍යව­ස්ථා­වක් නිර්මා­ණය කිරීම, නව ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් හඳු­න්වා­දීම සිදු කළද 1977 මැති­ව­ර­ණ­යේදී ඔවුන් පරා­ජ­යට පත්විය. 1997 ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ප්‍රමුඛ රජය ධර්මිෂ්ඨ සමා­ජ­යක් තේමා කර­ග­නි­මින් බල­යට පැමි­ණි­යත් ඒ අව­ධියේ දශක තුනක සිවිල් යුද්ධ­යක්, 1988/1989 කාලයේ කැර­ළි­කාර තත්ත්ව­යක් නිර්මා­ණය විය. එමෙන්ම විශාල සමාජ පර­ත­ර­යක් මේ සමා­ජය තුළ නිර්මා­ණය වූ අතර සමාජ ක්‍රමයේ තිබූ සුර­ක්ෂි­ත­භා­වය බිඳුණු කාල­ප­රි­ච්ඡේ­ද­යක් ලෙස පෙන්වා­දිය හැකිය. මෙම අවස්ථා ද්විත්ව­යේ­දීම ලැබූ බලය ජන­තා­වගේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් යෙද­වීම මඟ­හැර තිබේ. වර්ෂ 1971දී ඇති වූ කැරැල්ල නිර්මා­ණය වන්නේද 2/3ක බල­යක් සහිත ආණ්ඩුවේ පාල­නය තුළ­මය. 2020 බල­යට පත් රජය කෙටි  කල­කින් අප්‍ර­සා­ද­යට පත්විය.

අතී­තයේ මෙන්ම මෑත කාල­යේදී ද ලැබූ බල­යෙන් මත්වී අනිසි ආකා­ර­ය­කට එය භාවිත කිරී­මක් දක්නට ලැබිණි. ඒ ඔස්සේ විශාල ජන­ නැ­ඟි­ටීම්ද අපට දැක­ගත හැකි­විය. කලින් බලය ලබා­දුන් රජ­යන්ගේ අදූ­ර­ද­ර්ශී­භා­වය සහ අත්ත­නෝ­ම­තික ක්‍රියා නිසා පසුව එළැ­ඹුණ මැති­ව­ර­ණ­ව­ලදී ජන­තාව ඊට නිසි ප්‍රති­චාර දැක්විය. මේ නිසා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ පැවැත්ම වෙනු­වෙන් මෙම බලය නිසි ආකා­ර­යෙන් කළ­ම­නා­ක­ර­ණය කර­ගත යුතුය.

මේ රජ­යට ලබා­ දුන්නේ අසී­මා­න්තික බල­යකි. මෙම බලය හසු­ර­වන්නේ කෙසේද කියන කාර­ණ­යද තර­මක අභි­යෝ­ග­කාරි තත්ත්ව­යකි. එමෙන්ම ඡන්දය ලබා­දුන් ජන­තා­වගේ විශ්වා­සය රඳවා තබා ගැනී­මත් විශාල අභි­යෝ­ග­යකි. උතුර සහ නැඟෙ­න­හිර පළා­ත්වල ජන­තා­වගේ විශාල ජන­ම­ත­යක් ආණ්ඩු­වට පක්ෂ­පා­තී­ත්වය ලැබිණි. මෙය එක්තරා ඉතා සුවි­ශේෂී සංධි­ස්ථා­න­යකි. සුළු ජන­වා­ර්ගික කණ්ඩා­යම් විශ්වා­සය තබා තිබීම එම විශ්වා­සය පලුදු නොකොට දිගින් දිග­ටම තබා ගැනීමේ සහ ආරක්ෂා කර ගැනීමේ හැකි­යාව රජ­යට තිබිය යුතුයි. එය එක්තරා ආකා­ර­යක අභි­යෝ­ග­යකි.

වර්ත­මා­නයේ අපේ රටේ ජන­වා­ර්ගික කොටස්, ආග­මික කොටස් මුහු­ණ­දෙන ගැට­ලු‍ ­පි­ළි­බ­ඳව පොදු අව­බෝ­ධ­යක් රජ­යට තිබිය යුතුයි. ඒ හඳු­නා­ගැ­නීම තුළ සිය­ලු‍ ­ජ­න­තා­වට එකසේ ගෙන යන පාල­න­යක් රටේ ස්ථාප­නය කිරී­මට හැකි­වනු ඇත. ඡන්දය සමයේ බොහෝදෙනෙක් ශක්ති­මත් විප­ක්ෂ­යක් රටට අවශ්‍ය බව ප්‍රකාශ කළද ජාතික ජන බල­වේ­ගය ඉල්ලා සිටියේ ශක්ති­මත් ආණ්ඩු­වකි. ජන­තාව මේ අව­ස්ථාවේ එම බලය ඔවුන් අපේක්ෂා කළ ආකා­ර­යට වඩා ලබාදී ඇත.

 

ජන­තාව අව­දි­යෙන්

 

දේශ­පා­ල­නය යනු ගතික ස්වභා­ව­යෙන් යුක්ත දෙයකි. එවැනි තත්ත්ව­යක් තුළ සිය­ලු‍ ­ජන කොට­ස්වල ආක­ර්ෂ­ණය දිගින් දිග­ටම තමන් වෙත ලබා­ ගැ­නී­මට රජය සම­ත්විය යුතුය. බොහෝදෙනෙක් ප්‍රකාශ කරන්නේ මෙවැනි විශාල බල­යක් එක් පක්ෂ­ය­කට ලබා­දීම සහ ශක්ති­මත් විප­ක්ෂ­යක් පාර්ලි­මේ­න්තුව තුළ නියෝ­ජ­නය නොවීම හරහා බලය අව­භා­විත වීමට ඉඩ ඇති බවයි. ශක්ති­මත් විප­ක්ෂ­යක් පාර්ලි­මේ­න්තුව තුළ ඇති නොවී­මට ඉඩ තිබු­ණද ඇත්ත වශ­යෙන්ම විප­ක්ෂය යනු පාර්ලි­මේ­න්තුව තුළ නියෝ­ජ­නය වන මන්ත්‍රී කණ්ඩා­යම පම­ණක් නොවේ. විප­ක්ෂ­යක් නිර්මා­ණය වන්නේ ජන සමා­ජය තුළිනි. එය පාර්ලි­මේ­න්තු­වෙන් පිටත, ජන­තාව අතර නිර්මා­ණය වන දෙයකි. ආණ්ඩුව  ජන­තාව සමඟ සිටින තාක්  ඔවුන් ආණ්ඩු හිත­වා­දීන්ය.  ආණ්ඩු පක්ෂය ජන­තා­වට පිටු­පාන දා ඔවුන් විප­ක්ෂ­යේය. ආණ්ඩුව සිදු කරන සෑම ක්‍රියා­ක­ලා­ප­යක් සම්බ­න්ධ­යෙන්ම ජන­තාව නිර­න්ත­ර­යෙන් අව­දි­යෙන් සිටියි. අව­ධා­න­යට යොමු විය යුතු වැද­ගත්ම කාර­ණාව නම් මෙවර ආණ්ඩු පක්ෂ­යට ඡන්දය ලබා දුන්නේ එහි ස්ථීර සාමා­ජි­ක­යන්ම නොවන බවයි. බහු­ත­රය පාටක් ලකු­ණක් නොමැති දේශ­පා­ලන මත­යක නොරැඳි පිරි­සකි. 2020දී 69 ලක්ෂ­යක් සඳහා දායක වූයේත් මේ පිරි­සය. අද වර්ත­මාන ආණ්ඩුවේ  2/3ක බලයේ ප්‍රධාන දාය­ක­යන් වන්නේ ද මොවුන්ම ය. මේ නිසා ආණ්ඩුව අව­ධා­නය යොමු කළ යුතු කාර­ණය නම් ජන­තාව තමන් සමඟ රැඳෙන්නේ ආණ්ඩුව ජන­තාව සමඟ සිටි­න­තාක් පමණි යන්නයි. මේ නිසා 2/3ක බහු­තර බලය ජන­තාව සමඟ භුක්ති විඳින ආණ්ඩු­වක් බවට කට­යුතු කිරීම අති­ශය වැද­ගත්ය.

 

ජනතා පාල­න­ය

 

බල­යට පත් ආණ්ඩුව ජනතා පර­මා­ධි­පත්‍ය මුවා­වෙන් ජන­තාව උව­දු­රෙහි හෙළී­මට කට­යුතු කරයි නම් එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට සහ යුක්ති යුක්ත­භා­ව­යට පට­හැ­නිය. දේශ­පා­ලන චින්ත­න­යෙහි ජනතා පාල­නය යනු­වෙන් හඟ­වන්නේ එසේ ජන­තා­වගේ නිද­හස, ජීවිත, දේපළ හා පැවැත්ම සම්බ­න්ධ­යෙන් වග කියනා ආණ්ඩු­ක­ර­ණ­ය­ක­ටය. එසේ නොවන පාල­න­යක් ජනතා පාල­න­යක් හැටි­යට හැඳි­න්විය නොහැ­කිය. රටේ ආර­ක්ෂාව මිල­ටරි බල­යෙන් නොව සැබෑ සංහි­ඳි­යා­වෙන් නිර්මා­ණය කර­ලීම ජනතා ආණ්ඩු­වක වග­කීම හා යුතු­කම වේ. ලැබුණු බලය ඒකා­කා­රව පළමු දිනයේ සිට ඊළඟ මැති­ව­ර­ණය දක්වා ජනතා සුබ­සි­ද්ධිය වෙනු­වෙන්ම කැප කෙරේ නම් සමස්ත ශ්‍රී ලාංකික ජන­තාව වෙත ඉති­හා­සයේ මෙතෙක් ඉටු නොවුණ ජනතා බලා­පො­රො­ත්තුව මල්ඵල ගැන්වී­මකි.

ජන­තාව මේ වන විට ඉතා වෙහෙ­ස­කර අව­ධි­යක් පසු කර තිබෙන අතර රටේ පුර­වැ­සි­යන් විශාල බලා­පො­රොත්තු ගොන්නක් සහි­තව මෙවර බලය ලබා දී තිබේ. ඔවුන් අපේක්ෂා කළ බල­යට එහා ගිය බල­යක් ජන­තාව ඔවුන්ට ලබා දී ඇත. මේ නිසා ජනතා අපේක්ෂා ඉටු කර­ලීම සඳහා මෙම බලය මෙහෙය විය යුතුයි. එමෙන්ම ආණ්ඩු­වට ලබා දී ඇති බලය වග­කී­මෙන් සහ වග­වී­මෙන් හැසි­ර­වී­මට ද පව­තින රජ­යට විශාල වග­කී­මක් ඇත. එය රජය වෙත පැව­රෙන එසේ මෙසේ අභි­යෝ­ග­යක් නම් නොවුණු ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT