Sunday, April 20, 2025
Home » තෙවැනි වාරි­කය ඇවිත්

තෙවැනි වාරි­කය ඇවිත්

by Gayan Abeykoon
November 26, 2024 1:00 am 0 comment

ජාතික ලැයි­ස්තුව සඳහා පොරබැදීමේ සටන තවම නිමා­වට පත්ව නැත්තේය. මේ වනාහි රටේ නව දේශ­පා­ලන සංස්කෘ­තිය හඳුනා නොගැ­නීමේ විපා­කය හෙයින්, එය පල­දීම සඳහා පටන් ගත්විට දැන් ලබා ඇති  පරා­ජය නොව ඊට වඩා විනා­ශ­යක් සිය දේශ­පා­ලන ව්‍යාපා­රය සඳහා සිදු වන බව එම පාර්ශ්ව දැන­ගත යුත්තේය.

සිලි­න්ඩ­රයේ ජාතික ලැයි­ස්තුව සපු­රාම ඛේද­වා­ච­ක­යකි. එක් නමක් දැන් මැති­ව­රණ කොමි­සම විසින් අනු­මත කර ඇත්තේ හෙයින් අනික් නම සඳහා පිරි­සක් පොර අල්ල­න්නෝය. සදා­චාරසම්පන්න ආකා­රය වන්නේ පක්ෂයේ නිල­ධා­රීන් එක්ව මෙම ප්‍රශ්නය විසඳා ගැනීම මිස, හන්දිය මැද්දේ තබා­ගෙන කුණු ඇඳුම් සේදීම නොවේ. ශ්‍රී ලනි­පය ද දැන් සිලි­න්ඩ­රයේ, ඉතිරි මන්ත්‍රී ආස­නය සඳහා ඉල්ලීම් කර තිබේ. සජ­බය තවම සිය ජාතික ලයි­ස්තුව සකසා ගෙන නැත. ඒ පාර්ශ්වයේ ද මේ සඳහා  අඩ­ව්වක් තිබේ. පක්ෂ අභ්‍ය­න්ත­රය හීලෑ කර ගැනී­මට නොහැකි පාර්ශ්ව රටේ පාලන බලය ලබා ගන්නවා කියන්නේ, සපු­රාම ඛේද­වා­ච­ක­යකි.

මීට පෙර ඡන්ද­යෙන් ජය­ගත් පක්ෂ­යක් ඊළ­ඟට මුහුණ දෙන අර්බු­දය වන්නේ කැබි­නට් මණ්ඩ­ලය පත්කි­රී­මය. පළ­මුව ජ්‍යෙෂ්ඨ නාමලේඛ­නය සඳහා තැන දිය යුතුය ඊලගට කිචන් කැබිනෙට්ටුවය. ඇමැ­ති­ව­රුන්ගේ ජ්‍යෙෂ්ඨ­භා­වය හෝ දක්ෂතා ආණ්ඩු­ව­කට අදාළ නැත. ගත වූ වක­වා­නුවේ සෑම ආණ්ඩු­වක්ම ධාව­නය කරන ලද්දේ කිචන් කැබි‍ෙ­න­ට්ටු­වක් විසිනි. කැබි­නෙ­ට්ටුව ආණ්ඩුවේ සිටියේ වුවද රටේ සියලු තීරණ ගන්නේ කිචන් කැබි­නෙ­ට්ටුව හෙයින් ඇමැ­ති­වරු පසෙක සිට කැබි­නට් මණ්ඩ­ල­යට නම දා ගත්හ. ආණ්ඩුවේ සියලු ප්‍රධාන තීරණ සඳහා ප්‍රමුඛ වූයේ කිචන් ගැන්සි­යය. මේවා කාලා­න්ත­ර­යක් තිස්සේ මේ රටේ ස්ථාපිත වූ තත්ත්ව­යන්ය.

ඇමැ­ති­කම් බෙදීමේ තවත් තල­යක් ඇත. පළ­මුව අදාළ දිස්ත්‍රික්ක නියෝ­ජ­නය විය යුතුය. ඊළඟට ජාතිය, ආගම සහ කුලය නියෝ­ජ­නය කර­මින් කැබි­නට් මණ්ඩ­ලයේ පිරිස් සිටිය යුතුය. ජනා­ධි­පති පහ­ත­ර­ටින් නම්, උඩ­ර­ටට අග­මැ­ති­කම ඉල්ලා පොර ඇල්ලූ කාල­යක් ද විය. ඔය ආදී සියල්ල සපු­රන විට කැබි­නට් මණ්ඩ­ලය පන­හ­කට ආසන්න වන්නේය. නියෝජ්‍ය ඇමැ­ති­කම් ලේයර් එක සඳහා කනි­ෂ්ඨයෝ පත්වෙන බැවින්, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අත­ර­මැද්දේ සිටින පිරිස සඳහා වෙනම ස්තර­යක් ගොඩ­නැ­ඟිය යුතුය. මේ තීරුවේ සිටින පිරිස අපේක්ෂා කරන්නේ කැබි­නට් ඇමැ­ති­කම් වුවද එහෙ­මට කැබි­නට් මණ්ඩ­ලයේ ඉඩ නැත්තේ හෙයින් ඔවුන් වෙත නියෝජ්‍ය ඇමැති කටු ද දිය නොහැ­කිය. එය තත්ත්ව­යට මදි­ක­මකි. රාජ්‍ය ඇමැ­ති­කම් නම් තවත් ඇමැ­ති­ව­රුන් වර්ග­යක් උපත ලබන්නේ මේ සංසි­ද්ධිය හේතු­වෙනි.  ඒ සඳහා ද තව විස්සක් තිහක් ගාල් කළ පසුව ඉතිරි හරිය සඳහා නියෝජ්‍ය ඇමැති තන­තුරු ලබා­දීම සිදු වන්නේය.

මේ විග­ඩම් වසර තිහක් පමණ බලා සිටි ජන­තාව, අද හෝ හෙට හැදෙයි යැයි සිතා­ගෙන ඡන්දය දුන්නේ වුවද, වැඩේ පුරු­ද්දට ගොස් ඒ වන්නම දිග­ටම නැර­ඹී­මට අපට සිදු විය. එක් අත­කින් බලා සිටීම අපු­ලය. අනෙක් අතට ඒ වනාහි කිසිදු ප්‍රයෝ­ජ­න­යක් නැති දෙයකි. විය­දම් දරන්නේ ජන­තා­වය. ඔය වැනි දේශ­පා­ලන මල්වෙඩි සංද­ර්ශන බලා ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳෙන්නේ නැති බැවින් ඒ සඳහා පිළි­තුරු දීමේ අව­ස්ථා­වක් ජන­තාව සොය­මින් සිටි­යහ.

සදා­ස­රණ වන්නට, මෙදා ඡන්ද­යෙන් පිළි­තුරු ලැබුණේ ඒ සඳ­හාය. එසේ තිබි­යදී ද ජාතික ලැයි­ස්තුව සඳහා නිමක් නොමැති ආරෝ­වක මේ පක්ෂ තවම පැටලී තිබේ. ඒ වනාහි ‘ලැබුණු ටික ද’ නැති නාස්ති කර ගන්නා ආකා­ර­යකි. හදා කියා­ගැ­නීම සඳහා මේ ළමෝ නොව­න්නාහ. අත්දැ­කීම් ඇතැයි කියනා කාණ්ඩයේ තත්ත්වය මෙයය. ඒ අනුව ජනතා තීර­ණය වූයේ ඒ ආකා­රයේ අත්දැ­කීම් යළි මේ රටට නුවු­ව­මනා බවය.

රට දැන් සිටින ආර්ථික පරි­හා­නිය අනුව මන්ත්‍රී ආසන ආදිය සඳහා මේ ආකා­රයේ පොර­කෑම් බලා සිටින කල, වැඩේ බංකොලොත් නොවුණා නම් පුදු­ම­ස­හ­ග­තය.

බංකොලොත් භාවයට පිළියම ලෙස මූල්‍ය අර­මු­දලේ තෙවැනි වාරි­කය අනු­ම­තව ඇතැයි සෙන­සු­රාදා පැවති මාධ්‍ය හමු­ව­කදී එහි ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කළේය. මූල්‍ය අර­මු­දල අප වෙත සප­යන්නේ විස්තීර්ණ ණය පහ­සු­ක­මකි.

කිසි­යම් රටක ගෙවුම් ශේෂයේ නොක­ඩවා හිඟ­යක් ඇති වුව­හොත් එම හිඟය පියවා ගැනීම සඳහා සාමා­ජික රට­ව­ලට ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් ණය ලබා දෙන ක්‍රම දෙකෙන් එකක් වන්නේ මේ ආකා­ර­යට විස්තීර්ණ ණය පහ­සු­ක­මක් ලබා­දී­මය.

ඒ යටතේ වසර හත­රක කාල­යක් සඳහා ඩොලර් බිලි­යන 2.9ක මුද­ලක් පිය­ව­රෙන් පිය­වර අප වෙත ලබා ­දීම සඳහා මූල්‍ය අර­මු­දල එකඟ වී තිබුණි.

ලබා ­දුන් නිර්ණා­යක සතු­ටු­දා­යක ආකා­ර­යට ශ්‍රී ලංකාව සපුරා ඇත්තේ හෙයින් තෙවැනි වාරි­කය සඳහා අප සුදු­සු­කම් ලබා අව­සන්ය. එසේ­වූවා කියා රටේ සියලු ප්‍රශ්න හමාර නැත. දැන් මතුව ඇති නව දේශ­පා­ලන වාතා­ව­ර­ණය සමඟ මේ රටේ ආර්ථි­කය නව ගම­නක් සඳහා පිය­න­ඟනු ඇත. අත­ර­මැද්දේ දී මූල්‍ය අර­මු­ද­ලෙන් ගැලවී යෑමේ වුව­ම­නා­වක් නොමැති වුවද එකම පිළි­ස­රණ මූල්‍ය අර­මු­දල බවට පත්කර ගැනීමේ වරද නිවැ­රදි කර ගැනීම සඳහා යම් කාල­යක් ආණ්ඩුව ගනු ඇත.

මේ සියල්ල සඳහා මූලික විය යුත්තේ රටේ නව දේශ­පා­ලන සංස්කෘ­ති­යය. එය පටු ආකා­රයේ, ළඟ බලා ගහන ගේමක් නොව, දිගු­කා­ලී­නව රට දෙස බලා ගත යුතු ක්‍රියා­මා­ර්ග­යකි. මේ අව­ස්ථා­වේදී ජාතික ලැයිස්තු සඳහා, පොර අල්ලන පක්ෂ දෙස බලන විට, රටේ අනා­ග­තය සඳහා කතාව මිස ක්‍රියා­මාර්ග ඒ පිරිස් අත නොමැති බව කිව හැකිය.

මේ රට ගමන් කරන අලුත් දිශාව දෙස බලා, ඒ පිරිස හැදී එන­තෙක්, අප මේ රටේ ඉදි­රිය සඳහා වැඩ කළ­ යුතු බව දින­මිණේ අද දවසේ අව­ධා­ර­ණය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT