ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින Canon අලෙවිකරුවන් ඇගැයීමට Metropolitan Technologies පෞද්ගලික සමාගම වාර්ෂිකව සංවිධානය කරන Canon Partner Award 2023/2024 සම්මාන රාත්‍රිය මීගමුව ‘Grandeeza’ හෝටල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. Canon සන්නාමය මෙරට වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කරමින් සාර්ථකත්වය කරා රැගෙන යාමට දායක වූ 200කට වැඩි අලෙවිකරුවෝ පිරිසක් මෙම සම්මාන උලෙළට සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ Metropolitan Group නියෝජ්‍ය සභාපති අයිවෝ මහරූෆ් මහතා සඳහන් කළේ වසර 66කට පෙර ආරම්භ වූ මෙම සමාගම වසර 50ක් පුරා මෙරට එකම බලයලත් Canon නිෂ්පාදන බෙදාහරින්නා ලෙස කටයුතු කර ඇති බවයි.
Canon සන්නාමය මෙරට වෙළෙඳපොළේ ප්‍රචලිත කිරීමට මෙම දිගු කාලීන සහයෝගීතාව ප්‍රධාන හේතුවක් වී ඇත. Canon Marketing Asia සමාගමේ ඩිජිටල් මුද්‍රණ සහ ව්‍යාපාර විසඳුම් සඳහා වන කලාපීය අංශයේ අධ්‍යක්ෂ ටූ කොක් යොං මහතා පැවසුවේ 2024 මුල් මාස හය තුළ මෙරට මුද්‍රණ යන්ත්‍ර වෙළෙඳපොළේ ප්‍රථමයා වීමට Canon සන්නාමයට හැකිවූ බවයි. Metropolitan Technologies සහකාර සාමාන්‍යධිකාරී ප්‍රවීන් සමරකෝන් මහතා, Canon මුද්‍රණ යන්ත්‍ර (Printers) ප්‍රවර්ධනයට Metropolitan සමඟ අත්වැල් බැඳගන්නැයි දිවයින පුරා අලෙවිකරුවන්ට ඇරැයුම් කළේය. වර්තමානයේදී අලෙවිකරුවන්ගේ වර්ධනය ඉලක්ක කර ගත් ප්‍රවර්ධන වැඩසටහන් රැසකුත්, පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහනකුත් සැලසුම් කර ඇති බවද ඔහු පැවසුවේය.
Recognition Awards, Excellence Awards, Elite Awards යනුවෙන් කාණ්ඩ තුනක් යටතේ සම්මාන 31ක් ප්‍රදානය කරන ලදී. Canon සන්නාමය ප්‍රචලිත කිරීමට විශිෂ්ටතම දායකත්වය දැක්වූ අලෙවිකරුවන් තිදෙනා Elite Top Performer සම්මානයෙන් පිදුම් ලැබීය. Accell Technology Holding පළමු ස්ථානයත්, Printers LK දෙවැනි ස්ථානයත්, IT Galaxy තෙවැනි ස්ථානයත් දිනා ගත්තේය. Barclays Computers, Digital Media Center, Elinext IT, IT Hub, Sense Micro Distributions, Techno Forms, VYS International වෙත Elite Top 10 Partner Awards පිරිනැමිණි. Modern Trade Excellence 2023/2024 සම්මානය Singer Sri Lanka සමාගමටත්, රාජ්‍ය සේවා විශිෂ්ටතා සම්මානය ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවටත් හිමි විය.