ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමඟ ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගී විය. සණස ඉදිරිය වැඩසටහන තෝරා ගත් සමිති 1250ක් ප්‍රමුඛ කර ගනිමින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක වේ. වසර එක හමාරකට පමණ පෙර ආරම්භ වූ මෙම වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ.
තංගල්ල සහ පහජ්ජාව යන සණස සමිති මූලික කර ගෙන ඇති ගම්මානවලද මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර වතුර බෝතල් කර විකීණීම, ගොවිතැන, වාහන අලුත්වැඩියාව සහ බේකරි කර්මාන්තය ඒ අතර වේ. සණස ණය මුදල් සහ උපදෙස් මූලික කර ගෙන ආරම්භ කළ මෙම ව්‍යාපෘති කිරිවන්දෙණිය මහතාගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. ඒවා තවත් වැඩිදියුණු කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ කිරිවන්දෙණිය මහතා ප්‍රදේශවාසීන් සමඟ අදහස් හුවමාරු කර ගත් අතර ජනතාවට අතහිත දීමට අදාළ උපදෙස් ද සණස කාර්යය මණ්ඩලයට සැපයීය. දිවයින පුරා ‘සණස ඉදිරිය’ හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිරීක්ෂණයට කිරිවන්දෙණිය මහතා ඉදිරියේදී බලාපොරොත්තු වෙන අතර ඒ සදහා සණස මහා සංගමය මෙන්ම සණස ඉන්ෂුවරන්ස් ආයතන දෙකද සහභාගී වීමට නියමිතය.