Home » වියට්නාමය හා ශ්‍රී ලංකාව එක්වී ආයෝජන දියුණු කිරීමට සාකච්ඡා

වියට්නාමය හා ශ්‍රී ලංකාව එක්වී ආයෝජන දියුණු කිරීමට සාකච්ඡා

by Gayan Abeykoon
November 26, 2024 1:30 am 0 comment

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ Greater Mekong ව්‍යාපාරික කවුන්සිලය හමුවී  සාකච්ඡාවක් පවත්වා තිබේ.

“ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති කාර්යාලය ප්‍රධාන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරික නායකයින් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටී” යනුවෙන්  වියට්නාම් තානාපති කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

මෙම “තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලාංකික ආයෝජකයින් සහ ව්‍යාපාරිකයන් සඳහා වියට්නාම වෙළඳපොළේ ඇති  අවස්ථාවන් හඳුන්වා දීමත්,  වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනයට අවස්ථා පුළුල් කිරීමෙන් රටවල් අතර  ආර්ථික සංවර්ධනය  ජයග්‍රාහී වාතාවරණයක් නිර්මාණය කළ හැකියැයි නිවේදනයෙන්  වැඩිදුරටත් අවධාරණය කරයි.

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකත්වය වියට්නාම රජය විසින් දැඩි ලෙස ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්තියක් වන අතර වියට්නාමයේ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

එසේම ශ්‍රී ලංකාව සමඟ ආයෝජන දියුණු කිරීමේදී මෙරට ඇති  ආයෝජන

සැකසුම් කලාප 15ක් පිළිබඳවත් උපායමාර්ගික වාණිජ  වරායන් සහ නිපුණ ශ්‍රම බළකායක් පිළිබඳව අවධානය යොමුකරන බව සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT